මාල දිවයින් හිටපු ජනපති නෂීඩ් ඉන්දීය තානාපති කාර්යාලයෙන් පිටවෙයි

මාල දිවයින් හිටපු ජනපති නෂීඩ් ඉන්දීය තානාපති කාර්යාලයෙන් පිටවෙයි

මාල දිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මාලේ නගරයේ ඉන්දීය තානාපති කාර්යාලයෙන් සෙනසුරාදා ඉවත්ව ගොස් තිබේ. ඔහුගේ පාලන සමයේ දි බලය අයථා ලෙස පාවිච්චි කළේය යන චෝදනාව මත අත්අඩංගුවට පත්විමෙන් වැළකි සිටිමට නෂීඩ් පෙබරවාරි 13 දින සිට දින 10 ක්ම ගත කළේ ඉන්දීය තානාපති කාර්යාලයේ රැකවරණ යටතේයි .

මේ හේතුවෙන් ඉන්දියාව සහ අසල්වාසී කුඩා රාජ්‍යයක් වූ මාල දිවයින අතර සබඳතා ද පලුදු විය. නෂීඩ් ඉන්දීය තානාපති කාර්යාලයෙන් ඉවත්ව ගොස් ඇත්තේ ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන මාලේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ සලස්වන බවට ඉන්දීය බලධාරින් හරහා මාලේ බලධාරීන් විසින් ලබා දුන් සහතිකය මතයි .

මාලේ ජනාධිපතිවරණය නිදහස් සහ සාධාරණ එකක් වීමට නම් ජනාධිපතිවරණය බාරකාර රජයක් යටතේ පැවැත්විය යුතු බවට නෂීඩ් බලකර සිටී .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා