පිතිකරුවන්ගේ රජදහනේ තරගය ජය පැරදුමක් නෑ

පිතිකරුවන්ගේ රජදහනක් බවට පත්වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමින් තොරව ඊයේ කෙළවර විය.

විස්තර»

වැදූ මවට දිනූ බිමට ආදරය ඇති පිරිසක් බිහිකළ යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2013
පෙබරවාරී 17, මාතර

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


බටහිර බලවේග පරාජයට ශ්‍රී ලාංකිකයෝ කිළිනොච්චියේදී පෙළ ගැසෙති

ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් කිළිනොච්චියේදී ඊයේ (12) පැවැති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සඳහා දසදහසකට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

විස්තර»

යාපනේ හමුදා කඳවුරුවලට ලබා දුන්
අක්: 21000ක් මුල් පදිංචිකරුවන්ටම

* හමුදාවට තිබූ ඉඩම් රජයට බාර දීලා

* හිමිකරුවන් සෙවීමේ කටයුතු කඩිනමින්

* උතුරේ ඉඩම් ගැටලු 250000ක් හඳුනා ගෙන

රජයේ හමුදා කඳවුරු සඳහා අත්පත් කරගත් යාපනය අර්ධද්වීපයේ පිහිටි අක්කර 21,000 ක ඉඩම් ප්‍රමාණයක් නැවත මුල් පදිංචිකරුවන් වෙත බෙදාදීමට රජය තීරණය කරයි. හමුදාවන් පරිහරණය කළ මේ ඉඩම් ප්‍රමා‍ණය දැනටමත් රජය වෙත බාරදී තිබෙන බවද එම ඉඩම් හිමිකරුවන් සෙවීමේ කටයුතු මේ වනවිට සිදුකරගෙන යන බවද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

විස්තර»

ජිනීවා යෝජනාවලට සහාය දුන්නොත් ඉන්දියාවටම අවාසි සිදු වෙනවා

ඉන්දීය මාධ්‍ය අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාව ජිනීවා මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ගෙන ආවොත් සහ ඊට ඉන්දියාව සහාය දුන්නොත් එය ඉන්දීය ජාතික අවශ්‍යතා සපුරා ගැනීමේ දී ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ඉන්දීය මාධ්‍ය කියයි. ඉන්දියාවේ “ද පයනියර්” සඟරාව මේ බව කියා සිටී.

විස්තර»



ලේක්හවුස් ආයතනයේ වසර 35ක් සේවය සපිරූ සේවකයන් 11 දෙනකුට හා වසර 25ක් සපිරූ සේවකයන් 19 දෙනකුට දීර්ඝ සේවා තිළිණ ප්‍රදානය ලේක්හවුස් සභාපති, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ඊයේ (12) සිදු කෙරුණු අතර, එහිදී වසර 35ක සේවය සැපිරූ දිනමිණ කර්තෘ මණ්ඩලයේ කළමනාකරණ කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මියට සභාපතිතුමා තිළිණ පිරිනැමූ අයුරු.

ශ්‍රී ලංකාවෙන් ජපානයට
අලි පැටවුන් දෙදෙනෙක්

ජපානයත් - ශ්‍රී ලංකාවත් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරීම සංකේතවත් කරමින් ජපානයේ ටෝකියෝහි තාමා සත්ත්ව උද්‍යානය වෙත අලි පැටවුන් දෙදෙනෙක් ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (12) පස්වරුවේ සිදු විය.

විස්තර»

අධිකරණයට අපහාස කළාට මන්ත්‍රී
සුජීව සේනසිංහට දැඩි අවවාද

අධිකරණයට අගෞරව සහ අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ ෆර්මාන් කසීම් යන නීතිඥවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තරයේ අවවාද කෙළේය. අධිකරණයට අපහාස වන අන්දමින් තවදුරටත් හැසුරුණහොත් ඔවුනට එරෙහිව විනය නියෝගයක් නිකුත් කරන බවට අනතුරු අඟවන ලදී.

විස්තර»

කොම්පඤ්ඤවීදියේ පදිංචිකරුවන්ගේ
පෙත්සම ලබන 4දා යළි කැඳවයි

කොම්පඤ්ඤවීදිය, ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියෙහි අරමුණ එහි පදිංචිකරුවන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබාදීමත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙහි ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ‍ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ (12) කීය.

විස්තර»



සිවුදින නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ටෝකියෝහි හනේඩා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ (12) පෙරවරුවේ ළඟාවූ අතර එහිදී ශ්‍රී ලාංකික දරු දැරියන් විසින් මහත් හරසරින් ඒ මහතා පිළිගෙන රතු පලස මතින් කැඳවාගෙන යන අයුරු. ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහත්වරු මෙහි වෙති.
ඡායාරූප - සුදත් සිල්වා





 

දශක හයක සිරිලක සාමය සහජීවනයට
අමිල මෙහෙවරක් සිදු කළ අප ගරු අගමැතිඳුට
කොරියාවේ සරසවියක ඇදුරු පදවි ඇත පුදකොට
අපිත් සුබ පැතුම් ගෙන එමු ඉතාම සතුටින් එතුමට