මුද්‍රණය සඳහා

 
කහවත්ත ප්‍රාථමිකයේ සිසුහු 15ක් හදිසියෙම ලෙඩ වෙති

කහවත්ත ප්‍රාථමිකයේ සිසුහු 15ක් හදිසියෙම ලෙඩ වෙති

කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 15 දෙනෙකු පෙරේදා (11) හිටි හැටියේම පාසලේ දී රෝගී වීමෙන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇත.

හිටි හැටියේම අසනීප වූ මේ දරුවන්ට පැවැති රෝග ලක්ෂණ අතර තද හිසරදය, ක්ලාන්තය හා බඩේ අමාරුව බව කහවත්ත රෝහල් ආරංචි මාර්ග කීය. දරුවන්ගෙන් අසාධ්‍ය වූ එක් දරුවකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට සිව් දෙනෙකු කහවත්ත මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

දස දෙනෙකු (10) ප්‍රතිකාර ලබා නිවෙස් කරා ගිය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කය පුරා මොලේ උණට සමාන රෝග තත්ත්වයක් පවතින බවට පැතිර යන සැකයක් සමඟ මේ අසනීප තත්ත්වයන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]