දෙස් විදෙස් සංචාරකයන්ට හම්බන්තොටින් සැපපහසු නවාතැන්

දෙස් විදෙස් සංචාරකයන්ට හම්බන්තොටින් සැපපහසු නවාතැන්

දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා හම්බන්තොට සහ කටුවන නගර ආසන්නයේ පෞද්ගලික නිවාස නවීකරණය කර නවාතැන් පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සංචාරක මණ්ඩලයේ අධීක්ෂණය මඟින් මෙම නිවාස හිමියන්ට විශේෂ ණය මුදල් ලබාදෙන බවද නගරාධිපතිවරයා කීය.

දැනටමත් හම්බන්තොට නගරයේ දැනට පවතින නිවාස ඉතාම ඉහළ මිලච ගණන් වලට පෞද්ගලිකව ලබාදී තිබෙන බවද මෙමඟින් සංවර්ධනයේ ප්‍රතිලාබ වක්‍ර ලෙස ජනතාව අතරට පත්වන බවද සඳහන් කළේය.

ව්‍යවසාය කළමනාකරණ කමිටුවේදී ඕනෑම අයකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට හැකි වනවා. එම කමිටුවේ සභාපතිවරයා අතිගරු ජනාධිපතිතුමා. සියලුම පක්ෂ නියෝජනය වන සේ කමිටුවට සාමාජිකයන් සිටිනවා.

මේ අය කියන්නේ අරලියගහ මන්දිර‍යට ගියාම ජනාධිපතිතුමාට වශී වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අරලියගහ මන්දිරය කියන්නේ එතුමාගේ රාජ්‍යතාන්ත්‍රික නිල නිවස. එතනට ඕනෑම අයකුට යන්න පුළුවන්. කොහොමත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් අරලියගහ මන්දිරයට යනවා නම් අනිත් අයට යන්න බැරි ඇයි.

ජනාධිපතිතුමා ගමෙන් බිහි වූ නායකයෙක්. හොඳ පෙනුමක් තියෙනවා. දැක්කම වශී වෙනවා ඇති. ඒකට මොකද අපි කරන්නේ.

පසුගිය කාලේ රටේ ඇතිවූ ජල ගැලීම් වලින් සිදු වූ මූල්‍යමය පාඩුව සුනාමියෙන් සිදු වූ පාඩුවට වඩා වැඩියි. ඒවා නැවත ඉදිකිරීමේ වැඩසටහන් ඉදිරියේදී ආරම්භ කරනවා. මේවා ඉක්මනින් කරන්න පුළුවන් දේවල් නොවෙයි. සියලුම පහසුකම් රජය මගින් ලබා දෙනවා යැයිද පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා