සංචාරකයන්ට මුහුද යටින් යන සබ්මැරීන් සෆාරි ක්‍රමයක්

සංචාරකයන්ට මුහුද යටින් යන සබ්මැරීන් සෆාරි ක්‍රමයක්

සාගර සරසවිය ඉතිහාසයේ නව පිටුවක් පෙරළයි

සංචාරකයින් වෙනුවෙන් මෙතෙක් ගොඩබිම ක්‍රියාත්මක වූ සෆාරි සේවය අලුත් මඟකට යොමුකරමින් සංචාරකයන් වෙනුවන් මහසයුරේ සබ්මැරීන් සෆාරි සේවයක් ආරම්භ කිරීමට සාගර විශ්වවිද්‍යාලය පියවර ගෙන ඇත.

මෙතෙක් අභය භූමිය නැරැඹීමට පමණක් සීමාවූ සෆාරි සේවය සබ්මැරින් මඟින් නොගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කිරීම තුළින් අපගේ වෙරළාසන්න මුහුදු තීරය තුළ ඇති ජෛව විවිධත්වයෙන් යුක්ත මුහුදු මල්, ගල්මල්, විසිතුරු මසුන් නැරැඹීමට සංචාරකයන්ට අවස්ථාව සැලසෙන බව සාගර විශ්වවිද්‍යාලයේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න මහතා පවසයි.

වර්ෂ 2016 වන විට මෙරටට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමේ රජයේ වැඩසටහනට අනුගත වෙමින් සිදුකරන මේ වැඩසටහන තුළින් රටේ ආර්ථික වර්ධනයක් සහ වෙරළාසන්න ජීවත්වන ජනතාවගේ ආර්ථිකයද වර්ධනය වනු ඇත.

සාගර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සිසුන් විසින් නිර්මාණය කරන සම්බැරින් සේවය හික්කඩුව, උණවටුන, පොල්හේන, ත්‍රිකුණාමලය, පාසිකුඩා, නිලාවේලි සංචාරක ප්‍රදේශවලට ඉතා වැදගත් වන බවද සභාපතිවරයා පැවැසීය.

මේ මුහුදු සෆාරි සේවය සඳහා සබ්මැරීන් සේවයක් ඇරැඹීම ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක් පෙරැළීමට සමත් වන අතර අපේ රටේ සුන්දරත්වය ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය වීමට මෙය බෙහෙවින් ඉවහල් වෙන බවත්, මේ සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ පූර්ණ සහය සහ උපදෙස් ලැබී තිබෙන බවද හෙතෙම පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා