|
||||
ගණේමුල්ලේ මහ හොරාට නඩු 10කට වසර 20ක සිර දඬුවම්ගණේමුල්ල පොලිස් බලප්‍රදේශයේ වෙළෙඳසල් බිඳ දේපළ මුදල් සොරාගත් පුද්ගලයකුට නඩු 10කට එක් නඩුවකට වසර 2 බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය, නඩු 10 ම ආසන්න කාලයේදී සිදු කළ වැරදි බැවින් නඩු 10 සඳහාම එලෙස වසර 02 බැගින් දඬුවම් නියම කර ඒ සෑම සිර දඬුවමක්ම වසර 05 බැගින් අත්හිටුවිමට ද නියෝග කළාය. මේ අනුව වසර 20 ක සිර දඬුවම අත්හිටුවීමට ද නියෝග විය. නඩු 10 ට අදාළ සොරකම් කළ භාණ්ඩවල වටිනාකම රුපියල් 1,81979/- ක් විය. පැමිණිල්ල ගණේමුල්ල පොලිසිය ඉදිරිපත් කළේය. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |