ප්‍රංශයට දරුණු හිම කුණාටුවක්

ප්‍රංශයට දරුණු හිම කුණාටුවක්

නිවාස 68 000ක විදුලිය නෑ: සිය ගණනක් රථ තුළ සිර වෙයි :

ප්‍රංශයට ඊයේ බලපෑ දරුණු හිම කුණාටුවක් හේතුවෙන් නිවාස 68 000 ක පමණ විදුලිය විසන්ධි වී ඇති අතර සිය ගණනක් මෝටර් රථ තුළ සිරවී සිටි බව වාර්තා වේ. අධික හිමපතනය හේතුවෙන් හිම මත ලිස්සා යාමෙන් මෝටර් රථ තුනක් එකිනෙක ගැටීමෙන් 14 දෙනෙක් තුවාල ලබා ඇත. මොවුන් අතර ගිනි නිවන භටයන් 6 දෙනෙක් ද සිටින බව සඳහන් වේ.

උතුරු ප්‍රංශයේ දරුණු හිම කුණාටුව හේතුවෙන් හිමෙන් වැසී ගිය මාර්ගයක ගමන් ගන්නා ප්‍රංශ කාන්තාවකි මේ.

වයඹ දිග සහ උතුරු ප්‍රංශයේ ප්‍රාන්ත 26 කට අධික හිම පතනයක් පිළිබඳ තැඹිලි පැහැ අවදානම නිකුත් කර ඇත. අද වන විට මේ තත්ත්වය යම් තරමක් යහපත් වනු ඇතැයි කාලගුණ බලධාරීහු පවසති.සෙ . මි .60 උසට පතිත වී ඇති හිම තට්ටු සහ පැයට කි . මි. 100 ක පමණ වේගයෙන් හමා ගිය සුළං හේතුවෙන් චබෝග් අවට මෝටර් වාහන 500 ක් පමණ හිර වි තිබී ඇත.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රොසී සහ ඔලි ගුවන් තොටුපොළවල ගුවන් ගමන් වාර 25 % ක් පමණ තාවකාලිකව නතර කිරිමට සිදුව තිබේ. මේ ආශ්‍රිත ප්‍රදේශවල දුම්රිය ගමනාගමනයට ද බාධා සිදු වී ඇත. මුහුද රළුවීම හේතුවෙන් මඟීන් 491 රැගත් පාරුවකට තොටුපොළ වෙත පැමිණීමට නොහැකි වී අතරමං වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා