මුද්‍රණය සඳහා

 
හෙලිකොප්ටරයක් කඩා වැටී නේටෝ සෙබළු 5ක් මරුට

හෙලිකොප්ටරයක් කඩා වැටී නේටෝ සෙබළු 5ක් මරුට

ඇෆ්ගනිස්තානයේ දකුණු දිග ප්‍රදේශයේදී එරට යුද්ධයේ නියැළි නේටෝ මූලික අන්තර්ජාතික හමුදාවේ සෙබළුන් පස්දෙනකු පෙරේදා හෙළිකොප්ටරයක් කඩා වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයි එම සන්ධාන හමුදාවෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අනතුරට හේතුව නිරීක්ෂණය කෙරෙමින් පවතින බවත් කෙසේ වෙතත් මූලික වාර්තාවන්ට අනුව එම අවස්ථාවේ අදාළ ප්‍රදේශයේ සතුරු ක්‍රියාදාමයන් නොපැවති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් හමුදා සෙබළුන් කුමන ජාතීන්ට අයත් දැයි අන්තර්ජාතික ආරක්ෂක සහායක බළකාය විසින් දක්වා නැතත් එම ප්‍රදේශයේ අමෙරිකානු බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රෙලියානු සෙබළුන් සේවයේ නියුතු බව ප්‍රකාශ වී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]