උඩුපිල ගල්වළක ගිලී අයෙක් මරුට:

අයෙක් අතුරුදන්

උඩුපිල, වෑබඩ පාරේ අතහැර දමා තිබෙන ජලය පිරුණු ගල්වළක .....

විස්තර»

රටට ආදරය කරන්නා ජනතාවටද ආදරය කරයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
 2011 මැයි 01 කොළඹ දී

KAPRUKA - New Year Gift Delivery in Sri Lanka


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


IOC සමාගම සිංගප්පූරුවෙන් ගෙනා

බාල ඩීසල් නැව අත්අඩංගුවට

කලින් තෙල්වල ප්‍රමිතිය හොඳයි: ගොඩ බාන්න යද්දී ‘පාට’ වෙනස්

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට යෑම වැළැක්වීමට නියෝග

තෙල් තොගය ආනයනය කිරීමේ දී මගඩියක් වුණාදැයි සැක

සිංගප්පූරුවේ සිට තත්ත්වයෙන් බාල ඩීසල් මෙට්‍රික් ටොන් 4500ක් මෙරටට රැගෙනවිත් ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා ඇති වියට්නාම් සමාගමකට අයත් නෞකාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා නියෝග කළේය.

විස්තර»

ජපානයෙන් ශ්‍රී ලංකාවට  යෙන් බිලියන 43.8ක ආධාර

යෙන් බිලියන 43.8ක සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟ වේ. මේ ආධාර යටිතල පහසුකම් සංවර්ධනය හා ආපදා නිවාරණය සඳහා උපයෝගී කර ගැනීමට නියමිතය. මින් යෙන් බිලියන 41.1ක් ණය වන අතර, යෙන් බිලියන 2.7ක් ආධාර වේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා අතර අද (14) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති නායක හමුවෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් මේ බව නිවේදනය කෙරුණි. ශ්‍රී ලංකාවෙහි සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් ......

විස්තර»

ජගත් මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාවෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාව අද (15) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ජගත් මානව හිමිකම් කවුන්සලයේ විසිදෙවැනි සැසිවාරය නියෝජනය කරන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇමැති මහින්ද සමරසිංහ මහතා එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රොඩ්නි පෙරේරා මහතා "දිනමිණ" ට පැවසීය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම මෙන්ම ප්‍රවර්ධනය කිරීම සහ පසුගිය වර්ෂ කිහිපයක් අලලා මෙරට මානව හිමිකම්  පිළිබඳව සැකසූ විශ්ව කාලීන සමාලෝචනය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරෙන අතර ඊට අමතරව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කරුණු දැක්වීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.

විස්තර»

කිසිදු බලාගාරයක් විකුණන්නේ නැහැ

නොරොච්චෝලේ ඇතුළු කිසිදු බලාගාරයක් විකිණීමේ සුදානමක් නැතැයි විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළාය. විදුලි අර්බූදයට මේ රටේ විශාල විදුලිබලාගාර ඉදිකළේ වත්මන් රජය බව පැවසූ වන්නිආච්චි මහත්මිය කිසිදු බලාගාරයක් විකිණීමට හෝ පවරා දීමේ සුදානමක් රජයට නැතැයි ද කීවාය. විදුලිබල සේවාව පවත්වා ගෙන යන්නේ ලාබ ඉපයිමේ පරමාර්ථයෙන් නොව සේවා සැලසීමේ පරමාර්ථයෙන් බවත්, වියදම් ආදයම් අතර පරතරය අවම කිරීමට විදුලිබිල සංශෝධනය කරන බවත් ඇමැතිවරිය පෙන්වා දුන්නාය.

විස්තර»

ජපානයත් ශ්‍රී ලංකාවත් අතර සබඳතා ශක්තිමත්වීමට බුදු දහම රුකුලක් වුණා

ජපාන නියෝජ්‍ය අගමැති හමුවේ ජනපති කියයි

ජපානය අද ලබා තිබෙන දියුණුවත් ශ්‍රී ලංකාවේ නැඟී එන දියුණුවත් තව තවත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ ජනතාව අතර සම්බන්ධය තව දුරටත් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජපානය හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වීමට බුදුදහම සහ පොදු සංස්කෘතික වටිනාකම් බෙහෙවින් දායක වී තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ජපාන නියෝජ්‍ය අගමැති තාරෝ අසෝ මහතා සමඟ පැවැත් ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව තෝකියෝ හි පැවැත් ජපාන ශ්‍රී ලංකා සංස්කෘතික සංදර්ශනයට එක්වෙමිනි.

විස්තර»

දැඩි උණුසුමෙන් කුඩා දරුවන් විජලනයට

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් විජලන රෝග තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවනතාවක් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. පවතින හිරු එළියෙහි රශ්මිය වැඩි නිසා එය දරා ගත නොහැකි දරුවන් Heat stroke නැමැති රෝග තත්ත්වයට ද ගොදුරු වේ.  දැඩි අව් රශ්මිය සහිත උණුසුම් පරිසර තත්ත්වය නිසා දරුවන්ගේ සිරුරෙන් දහඩිය පිටවන ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

විස්තර»

ගංජා පැකට් 35ක් සමඟ හිටපු එජාප ප්‍රා. සභා මන්ත්‍රී කොටු වෙයි

ගංජා පැකට් 35ක් සමඟ හිටපු එ. ජා. ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු රත්නපුර බටුගෙදර පාසල අසල දී රත්නපුර දූෂණ මර්දන ඒකකය අත්අඩංගුට ගෙන තිබේ. සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලැබුණු තොරතුරකට අනුව තණමල්විල සිට රත්නපුරයට ගංජා රැගෙන එන 31 හැවිරිදි පුද්ගලයකු ද අත්අඩංගුවට ගැනිණි.

විස්තර»



 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ඊයේ (14) පෙරවරුවේ තෝකියෝ අධිරාජ්‍ය මාළිගයේදී ජපාන අධිරාජයා සහ කුමාරිකාව බැහැදුටුවහ. අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ කුමාරිකාව ජනපතිතුමන් සහ ජනපති ආර්යාව සමඟ සාකච්ඡා කළ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා


 

අපල කාලෙ ලබපුවාම “රෑ උලමා” අඬන්නේ
ඒකයි “ගම්පාළුවාය” කියා ඌට කියන්නේ
නරක දසා ගෙවී ගියා කියලයි මට හිතෙන්නේ
හලාල් කියන නමට බයේ ඌ නෑ කෑ ගහන්නේ