පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා

පළමුවන ප්‍රැන්සිස් පාප්තුමා

විශ්ව සභාවේ කාර්දිනල් හිමිවරුන්ගේ සංසදය ආර්ජන්ටිනාවේ කාර්දිනල් ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ හිමියන් නව පාප්තුමන් ලෙස තෝරාපත් කරගෙන තිබේ.

දහසය වැනි බෙනඩික් පාප්තුමන්ගේ ඓතිහාසික අබිනික්මනෙන් හිස් වූ සසුුන්පති පදවියට නව පාප්තුමෙකු තෝරා ගැනීමට විශ්ව සභාවේ කාර්දිනල්වරුන්ගේ 115 දෙනම පසුගිය මාර්තු මස 12 දින රෝම පුරයට එක් වූහ. එදින පැවැති ඡන්ද විමසීමෙන් පාප්තුමෙකු ලෙස කාර්දිනල් හිමි නමක් තෝරාපත්කරගත නොහැකි වූයෙන් මාර්තු මස 13 දින පැවැති පස්වන ඡන්දවාරයේ දී නියමිත ඡන්ද ප්‍රමාණය ලබා ගැනීමේ භාග්‍යය හිමිවූයේ ආර්ජන්ටිනාව නියෝජනය කළ බර්ගෝලියෝ හිමිපාණන්ටය.

සමස්ත ලෝකවාසී ජනගහනයෙන් බිලියන 1.2 ක් කතෝලිකයන් වන අතර ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයාණන් සභාවේ දෘශ්‍යමාන නායකයාණන් බවට තෝරා ගත් කාර්දිනල් හිමි - සසුන්පති පදවියේ නිල නාමය වශයෙන් තෝරාගනු ලැබූයේ ප්‍රැන්සිස් යන නමය. ඒ අනුව නව පාප්තුමා ලොව හමුවට එන්නේ “පළමුවැනි ප්‍රැන්සිස්” පාප්තුමන් ලෙසය.

ජේසු නිකායේ සාමාජික නව පාප්තුමා 76වැනි වියේ පසුවන්නෙකි. එතුමා පළමුවරට සසුන්පති නිලයට පත් වූ එකම යුරෝපීය නොවන කාර්දිනල් හිමි නමකි.

පේදුරු තුමන්ගේ අසුන අරා සිටින්නට වරලද 266වැනි පාප්තුමා එතුමාය. වසර 1200කට පමණ පසුව - යුරෝපා ජාතිකයෙකු නොවන පාප්තුමෙකු තෝරාගත් අවස්ථාව ලෙස ලොව විමතියෙන් හා කුතුහලයෙන් යුතුව බලන බව - මාධ්‍ය වාර්තාකර තිබුණි.

ජනතා ඔල්වරසන් හඬ මැද කවුළුවෙන් මතුව ආ නව පාප්තුමා සුබ සැන්දෑවක් වේවාය පතා - තමන් එක්ව තමන් වෙනුවෙන් ද විශ්‍රාමික 16 වැනි බෙනඩික් පාප්තුමන් වෙනුවෙන්ද සමස්ත ලෝකය වෙනුවෙන් ද යදින ලෙස ඉල්ලා නිහඬතාව රැක මා පිළිගන්නට පැමිණියාට බොහොම ස්තූතියි. කී උන්වහන්සේ අවසානයේ “ප්‍රේමයේ මාවතේ ලොව ගමන් කළ යුතුයයි” සඳහන් කළේ ය.

ඊයේ (14) සවස 5.00(එරට වේලාවෙන්) නව පාප්තුමා කාර්දිනල් ඛ්ඹ්මිවරුන් සමඟ හවුල් දිව්‍ය පූජාවක් පැවැත් වූ අතර අද සිකුරාදා දහවල් 11ට රදගුරු හිමිවරුන් සමඟ දිව්‍ය පූජාව පැවැත්වීමට නියමිත ය.

පාප් නිලවරණය මාධ්‍ය වෙනුවෙන් ආවරණය කිරීමට පැමිණි ලොව දසත විහිද යන 6000කට ආසන්න මාධ්‍යවේදීන් සමග හමුවක් සෙනසුරාදා දිනට නියමිත බව ද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණි.

මාර්තු මස 19 වැනිදා සාන්ත ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය දින නිල වශයෙන් සසුන්පති තනතුරේ වැඩ ආරම්භ කිරීමට නියමිත ය. ඒ සඳහා විශේෂිත දිව්‍ය පූජාවක් උදේ 9.30 ට සාන්ත පීතර චතුරශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා