මුද්‍රණය සඳහා

 
උඩුපිල ගල්වළක ගිලී අයෙක් මරුට:

උඩුපිල ගල්වළක ගිලී අයෙක් මරුට:

අයෙක් අතුරුදන්

උඩුපිල, වෑබඩ පාරේ අතහැර දමා තිබෙන ජලය පිරුණු ගල්වළක ඊයේ (14) පස්වරුවේ දිය නෑමට ගිය සිවු දෙනකුගෙන් එක් අයකු දියේ ගිලී මියගොස් ඇති අතර තවත් අයකු අතුරුදන් වී ඇත. තවත් අයකු අසාධ්‍ය තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එක් අයෙකු බේරී තිබේ.

දියේ ගිලී මියගිය අයගේ මළසිරුර මේ වන විට උඩුපිල රෝහලට රැගෙන ගොස් තිබෙන අතර අතුරුදහන් වූ අයගේ මළසිරුර ද එම ගල්වළ තුළ ඇති බවට සැක කෙරේ.

මීගහවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එස්. ඩී. ආර්. පි‍්‍රයන්ත හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. එල්. විමලරත්න යන මහත්වරු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]