කිසිදු බලාගාරයක් විකුණන්නේ නැහැ

කිසිදු බලාගාරයක් විකුණන්නේ නැහැ

නොරොච්චෝලේ ඇතුළු කිසිදු බලාගාරයක් විකිණීමේ සුදානමක් නැතැයි විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළාය.

විදුලි අර්බූදයට මේ රටේ විශාල විදුලිබලාගාර ඉදිකළේ වත්මන් රජය බව පැවසූ වන්නිආච්චි මහත්මිය කිසිදු බලාගාරයක් විකිණීමට හෝ පවරා දීමේ සුදානමක් රජයට නැතැයි ද කීවාය.

විදුලිබල සේවාව පවත්වා ගෙන යන්නේ ලාබ ඉපයිමේ පරමාර්ථයෙන් නොව සේවා සැලසීමේ පරමාර්ථයෙන් බවත්, වියදම් ආදයම් අතර පරතරය අවම කිරීමට විදුලිබිල සංශෝධනය කරන බවත් ඇමැතිවරිය පෙන්වා දුන්නාය.

විදුලිබිල පිළිබඳව දේශපාලනඥයන් ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති සාකච්ඡාවේ දී මේ කරුණු අනාවරණය විය.

නොරොච්චෝලේ සහ සාම්පූර් ගල් අඟුරු බලාගාරවල ඉදිකිරීම් නිම කිරීම මඟින් රටට අවශ්‍ය බලශක්තිය ඉන්ධනවලින් තොරව ලබා ගත හැකි බවද ඉන් පසුව‍ පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම් නතර කරන බවද ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා