දැඩි උණුසුමෙන් කුඩා දරුවන් විජලනයට

දැඩි උණුසුමෙන් කුඩා දරුවන් විජලනයට

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් විජලන රෝග තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රවනතාවක් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. පවතින හිරු එළියෙහි රශ්මිය වැඩි නිසා එය දරා ගත නොහැකි දරුවන් Heat stroke නැමැති රෝග තත්ත්වයට ද ගොදුරු වේ.

දැඩි අව් රශ්මිය සහිත උණුසුම් පරිසර තත්ත්වය නිසා දරුවන්ගේ සිරුරෙන් දහඩිය පිටවන ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. එමඟින් විජලනය ඇති වීමෙන් ඔවුන්ට හිසරදය, ක්ලාන්තය යනාදී රෝග ලක්ෂණයන් ඇති වේ. ලබන අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවට ඉර මුදුන් වී තව දුරටත් උණුසුම් සහිත කාලගුණය ඉහළ යා හැකිය. ඊට පෙර මේ තත්ත්වය පිළිබඳ දෙමාපියන් දැනුවත් වී දරුවන්ට වැඩි පුර දියර සහිත ආහාර වර්ග ලබා දීමෙන් විජලනය රෝගයට ගොදුරු වීම වළක්වා ගත හැකි බව ද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසුවේය.

පාසල්වල මේ දිනවල පවතින ක්‍රීඩා උත්සවවලට දරුවන් සහභාගී වීම නිසා ඔවුන්ගේ සිරුරෙන් වැඩි පුර දහඩිය පිට වීම ද සිදු වේ. ජලය වැඩිපුර දරුවන්ට බීමට ලබා දීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව ඒ මහතා දෙමාපියන්ට දැනුම් දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා