මරණ දැන්වීම්

 

 

කළුආරච්චි - හිරිපිටියගේ ප්‍රේමලතා පෙරේරා - නැසීගිය කේ. ඒ. පෙරේරා මහතාගේ ආදරණීය භාර්යාව වූද, සුජාතා (විශ්‍රාමික, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව) පුෂ්පා, සාලිය (සභාපති, ෆින්ටෙක් ඉංජිනියරින් සමාගම පෙර අධිපති, සිංහ සමාජය) මුදිතා (ලංකා බැංකුව) විකුම් (මහාධිකරණ විනිසුරු) ගේ මෑණියන්වූද, ගුණසේන (විශ්‍රාමික ලංකා ගමනා ගමන මණ්ඩලය) සුමනපාල (විශ්‍රාමික, සංඛ්‍යාලේඛන දෙපාර්තෙමින්තුව, සුරංගනී, රෝහණ (සී. අයි. ඕ. බී) සේනානි ගේ ඥාති මෑණියන් වූද, යමුණා, කසුන්, හිමාලි,, ඉන්දිකා මාදව, නාලින්ද, තුලිකා, කෝලිත, තිවංක, ජනිත්, මිගාර ගේ ආච්චි අම්මා වූද, ඉන්දීප, ප්‍රමුදි, චනුද, කුමලි, දිනාර ගේ මිත්තනිය වූද ප්‍රේමලතා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 16 වන සෙනසුරාදා පස්වරු 5.30 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. 1271/2, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.

ජෝර්ජ් එස් ලියනගේ මහතා - විශ්‍රාමලත් විදුහල්පති තක්ෂිලා අධ්‍යාපන ආයතනයේ සහ ශාන්ත ජෝශප් අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ ද සිප් සයුර අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෝර්ජ් එස් ලියනගේ මහතා නැසීගිය ටී. ඇනට් ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා වූද තක්ෂිලා අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රසාද් ලියනගේ සහ දීපිකා ලියනගේ ගේ පියාණන්වූද දෙව්තිළිණි පැසසුම් හා අලෝක ප්‍රනාන්දුගේ සීයා වූද ශා. ජෝශප් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රසන්න ලියනගේ සහ අයේෂා ලොකුබාලසූරියගේ පියාණන් වූද ඩිනාලි, භාග්‍යා, මිෂෙල් ප්‍රසාදිනී දියණියන්ගේ සීයා වූද ජෝර්ජ් එස් ලියනගේ මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2013 මාර්තු 16 වන සෙනසුරාදා සවස 3.30 ට කුරණ කටුනායක මෙතෝදිස්ත සුසාන භූමියේදී සිදු කෙරේ. 84/2, වෑබඩ පාර, ලියිට්මෝල හංදිය, මීගමුව.

මහින්ද බණ්ඩාර බැද්දේවෙල (විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති) නන්දසේන බැද්දේවෙල, මල්ලිකා යන අයගේ දෙටු පුත් වූද, පද්මා බැද්දේවෙල යන අයගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, නාලනී, නන්දසේන චින්තා, මාලනී, තිලක්, නැසීගිය ගැමුණු හේමාකුමාරි, නාලක යන අයගේ සොහොයුරාවූද, මහින්ද බණ්ඩාර බැද්දේවෙල මහතා හදිස්සියේ අභාවප්‍රාප්තවූයෙන් අවසන් කටයුතු 2013.03.16 වන දින පස්වරු 3.30 ට මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 372, වැවතැන්න පාර, මාලිගාතැන්න වත්ත, අම්පිටිය. 0812225558.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා