අල්ලස ගනිද්දීම අතේ මාට්ටු

අල්ලස ගනිද්දීම අතේ මාට්ටු

ඉඩම් සම්බන්ධ ආරවුලක් ගොඩින් බේරාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3000ක අල්ලසක් ලබාගත් පොලිස් කොස්තාපල්වරයකු එම මොහොතෙහිම අත්අඩංගුවට ගත් කොළඹ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීහු පෙරේදා (13) අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් යූ.එල්.එම්. මනාෆ් මහතා නියෝග කළේ ය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි උප්පුවේලි පොලිසියේ සේවය කරන සෙල්වරාජ් (57573) නමැත්තෙකි.

ත්‍රිකුණාමලය අම්බුලිපුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ ඉඩම් ආරවුලක් විසඳාදීම සඳහා උප්පුවේලි පොලිසිය ඉදිරිපිටදීම මේ අල්ලස් මුදල් ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ කොමිෂමේ නිලධාරීහු සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ කොමිෂම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා