ගුරුවරයකුගේ කටේ පාංකඩ ඔබා දෑත් බැඳ සාක්කුවේ සල්ලි අරන් පැනලා

ගුරුවරයකුගේ කටේ පාංකඩ ඔබා දෑත් බැඳ සාක්කුවේ සල්ලි අරන් පැනලා

කොල්ලකරුවන් සොයා පරීක්‍ෂණ

ගුරුවරයකුගේ දෑතට මාංචු දමා රුපියල් ලක්‍ෂයක් කොල්ලකා වෑන් රථයකින් පලාගිය කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව කරන්දෙණිය පොලිසිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ ය.

යතුරුපැදියෙන් ඌරගහ මහජන බැංකුවට පැමිණ රුපියල් ලක්‍ෂයක් ලබාගෙන මහඒදණ්ඩ පාරේ ගමන් කරමින් සිටි ගුරුවරයකු වෑන් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිසක් පැහැර ගෙන ගොස් තිබේ.

පැහැරගත් ගුරුවරයාගේ කට සහ ඇස් දෙක ප්‍රදේ්ශයේ ප්ලාස්ටර් ඇලවූ කොල්ලකරුවන් දෑතට මාංචු දමා ඇත. ගුරුවරයා ළඟ තිබී රුපියල් ලක්‍ෂය කොල්ලකා ගත් කොල්ලකරුවන් ගුරුවරයා මිරිස්වත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා පලා ගොස් තිබේ. අතුරුමාර්ගය අයිනේ වැටී සිටි ගුරුවරයා දුටු ප්‍රදේශයේ ජනතාව ඔහුගේ අලවා තිබූ ප්ලාස්ටර් ගලවා කරන්දෙනිය පොලිසියට දන්වා තිබේ.

පොලිසිය ලැබුණු දුරකථන පණිවිඩය ඔස්සේ ගොස් ගුරුවරයා පොලිසියට රැගෙන විත් මාංචු ගලවා ගුරුවරයාගෙන් සිද්ධිය පිළිබඳව සියලු තොරතුරු ලබා ගෙන තිබේ.

ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්‍ෂණ පැවැත් වූ කරන්දෙණිය පොලිසියේ ස්ථානාධිපති විජිත් ජයන්ත මහතාට දැන ගැනීමට ලැබී ඇත්තේ මෙම අත් මාංචු දෙක බන්ධනාගාරයේ නිලධාරීන් පරිහරණය කරන දෙකක් බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා