තිලංගගේ නාමයෝජනාවට එරෙහි විරෝධතාව

තිලංගගේ නාමයෝජනාවට එරෙහි විරෝධතාව

ත්‍රි පුද්ගල කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ සභාපති තනතුර සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාවට එරෙහිව ක්‍රීඩා සංගම් 3ක් විසින් ඉදිරිපත් කළ විරෝධතා සැලකිල්ලට ගෙන ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ක්‍රීඩා ඇමැති මහින්දාන්නද අලුත්ගමගේ මහතා විසින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ඊයේ පස්වරුවේදී ඇමැතිවරයාට භාර දෙන ලදි.

එම කමිටුව මගින් පෙන්වා දී ඇති නීතිමය කරුණු පිළිබඳව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර, නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනුතරුව තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනා පිළිබඳව තීන්දුවක් ප්‍රකාශයට පත්කරන බව ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා