මුද්‍රණය සඳහා

 
‍හරිත මහා ක්‍රිකට් ගැටුම අද පානදුරේ දී

‍හරිත මහා ක්‍රිකට් ගැටුම අද පානදුරේ දී

පානදුර රාජකීය විදුහල සහ සාන්ත ජෝන් විදුහල අතර විසිඑක්වැනි හරිත මහා ක්‍රිකට් තරගය අද (15) සහ හෙට දෙදිනත් එක්දින තරගය 17වැනිදාත් පානදුර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

1990දී ආරම්භ වු මේ තරගාවලියේ මෙතෙක් පැවැති තරග 20න් 4ක ජය රාජකීය විදුහල හිමිකර ගෙන ඇති අතර එක් තරගයක් පමණක් ජයගැනීමට සාන්ත ජෝන් විදුහල සමත්ව ඇත.

තේනුක ධනංජගේ නායකත්වයෙන් තරග වදින රාජකීය විදුහල මෙවර පාසල් තරග වාරයේදී සහභාගී වු තරග 10න් පුර්ණ ජයග්‍රහණ 4ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ හයක් වාර්තා කිරීමට සමත්ව ඇත. කණ්ඩා‍ය‍මේ උපනායකත්වය දුලිත් ගයාන්ට හිමිව ඇත. කණ්ඩායමේ පිතිකරුවන් ලෙස දුලිප් ගයාන්, දමිඳු හසාන් (602), මාධව නිමේෂ් (700), යසිත් චමෝද් (585) එක්වන අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් අකිල ලක්ෂාන් (ලකුණු 429 සහ කඩුලු 47), අශාන් පද්මකුමාර (ලකුණු 400 සහ කඩුලු 32) කණ්ඩායමට එක්වන අතර අසිත ප්‍රනාන්දු ද කඩුලු 40ක් දවාගනිමින් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරයි.

සාන්ත ජෝන් විදුහල් පිල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ලහිරු සන්ජය මෙහෙයවයි. මේ වන විට ලකුණු 605ක් සහ කඩුලු 74ක් දවාගෙන ඇත. ප්‍රමෝද් මධුශංක උපනායකයා ලෙස කටයුතු කරයි. හර්ෂ චන්ද්‍රශාත් සල්ගාදු ලකුණු 420ක් සහ කඩුලු 24ක්, චමිල ජානක ලකුණු 250ක් කඩුලු 46ක් , නඳුන් දර්ශන ලකුණු 388ක් ලබාගනිමින් කණ්ඩායමේ ඉදිරියෙන් පසුවෙති.

ශාන්ත ‍ජෝන් විදුහල- ඉදිරි පෙළ (වමේ සිට)- උශාන් ගුණරත්න (ජ්‍යෙෂ්ඨ පුහුණුකරු), තරිඳු රුසිත්, චමිල ජානක, ලහිරු සංජය (නායක), සනත් පෙම්සිරි (ක්‍රීඩා භාර ආචාර්ය), එම්.එන්.එච්.ටි.පි ද සිල්වා (විදුහල්පති), කේ.සිරිපාල (ක්‍රිකට් භාර ආචාර්ය), ප්‍රමෝද් මධුශංක (උපනායක), අකිල ශ්‍යාමින්ද, විදුර සපුමල්, එරංග ගුණරත්න (කනිෂ්ඨ පුහුණුකරු). පසු පෙළ (වමේ සිට)-සංජු මහිෂ, නඳුන් දර්ශන, හර්ෂ චන්ද්‍රශාන්, සිතුම් ප්‍රමෝද්, යසිරු නවෝද්, කවිඳු හෂාන්, නුවන් ලක්ෂන්, සන්දික දිල්රුක්ෂ, තනුජ අකලංක, රුසිරු සංජය, මලිත් මධුශංක, තමීර සුදීප, ගිහාන් අනුරුද්ධ, ධනුජ දේශාන්.

රාජකීය විදුහල-ඉදිරි පෙළ (වමේ සිට)-එච්.ඒ.සුමිත් ප්‍රසන්න (පුහුණුකරු සහ ක්‍රිකට් භාර ආචාර්ය), යසිත් චමෝද්, දමිඳු අශාන්, මාධව නිමේෂ්, තේනුක ධනංජය (නායක), එච්.සරත්චන්ද්‍ර සිල්වා (විදුහල්පති), දුලිත් ගයාන් (උපනායක), අශාන් පද්මකුමාර, අකිල ලක්ෂාන්, අසිත ප්‍රනාන්දු, ටී.ඩබ්ලිව්.මහින්ද රත්න (ක්‍රීඩා භාර අචාර්ය). පසු පෙළ (වමේ සිට)-රවින් ලක්ෂාන්, පවස් එදිරිසිංහ, දේශාන් සන්දීප, රුසිරු රවිශංක, හිමේෂ රංගනාත්, විමුක්ති මධුශාන්, හසිත ධනංජය, පැතුම් නිමර්මාල්, හෂාන් විමුක්ති, බාසිත ලක්ෂාන්, හිහාන් සුදර්ශන ඡායාරූප-ඩිල්වින් මෙන්ඩිස් මොරටුව ක්‍රීඩා


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]