චීන නව ජනපති ෂී ජිං පිං

චීන නව ජනපති ෂී ජිං පිං

චිනයේ නව ජනාධිපතිවරයා වශයෙන් ෂී ජිං පිං එරට පාර්ලිමේන්තුව විසින් ඊයේ නම් කර ඇත. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත්වුයේ මීට මාස 4 කට පෙරයි. මොහු චීනයේ එවකට සිටි ඉහළ පෙළේ ජෙනරාල්වරයකුගේ පුත්‍රයායි .‍ එමෙන්ම එරට ඉතා සම්භාවනීය ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෙකි .

චිනයේ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරන බවට කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත්වන අවස්ථාවේදි ඔහු ප්‍රතිඥා දි ඇතත් මෙතෙක් එවැන්නක සේයාවක් නැති බව සඳහන් වේ.

කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලී යුවැංචාඕ උප ජනාධිපති වශයෙන් නම් කර තිබේ . මෙය බො‍හෝදුරට සංකේතාත්මක පදවියක් ලෙස සැලකේ. චින අගමැතිවරයා වශයෙන් ලී කෙකිඇං පත්කරනු ලබන්නේ සිකුරාදා යි .

ලොව දෙවන ආර්ථිකයට හිමිකම් කියන චීනයේ බල හුවමාරුවක් සිදුවන්නේ වසර 10 කට වරක් ය .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා