|
||||
දකුණු කොරියා සාම ගිවිසුම ඉරා දමනවාඋතුරු කොරියාව කියයි වසර 1953 කොරියන් යුද්ධයෙන් පසුව දකුණු කොරියාවත් සමඟ ඇති කරගත් සාම ගිවිසුම ඉරා දමන බව උතුරු කොරියාව තහවුරු කර තිබේ . තවද මින් ඉදිරියට සිය සතුරන්ට අනුකම්පා විරහිතව පහර දෙන බවත් අවධාරණය කරයි . මෙය මෑතක සිට උතුරු කොරියාව නිකුත් කළ තවත් ප්‍රබල අනතුරු ඇඟවීමකි . ඊට අදාළ දිගු නිවේදනයක් එරට සන්නද්ධ හමුදා මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත . ඇමෙරිකාව සහ ඔවුන්ගේ සගයෙකු වු දකුණු කොරියා පඹයන් උතුරු කොරියාවට එරෙහිව යුද වැදිමට අරඅඳින බවත් අවධාරණය කර ඇත . මේ නිසා අන් කිසිදාටත් වඩා කොරියාවේ ප්‍රබල උණුසුම්කාරි යුද වාතාවරණයක් ගොඩනැඟී තිබේ . කෙසේ වෙතත් ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ උතුරු කොරියාව වරින් වර මෙවැනි තර්ජන ගර්ජන කිරිම සිදුකරන බවයි . තවද මැතකදි පනවන ලද නව සම්බාධකවලට එරෙහිව ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවටත් උතුරු කොරියාව තර්ජනය කර තිබේ . උතුරු කොරියාවේ යුද ජෙට් යානා සැරිසැරීම විශාල වශයෙන් වැඩිකර ඇති අතර මෙවැනි යානා 700 ක් පමණ සඳුදා පමණක් නිරීක්ෂණය කළ බව දකුණු කොරියාව පවසයි .
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |