මුද්‍රණය සඳහා

 
දඹුල්ලෙන් 10,000ක වැඩි පිරිසක් ශ්‍රීලනිපයට එක් වෙති

දඹුල්ලෙන් 10,000ක වැඩි පිරිසක් ශ්‍රීලනිපයට එක් වෙති

මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ 10,000කට අධික පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සාමාජිකත්වය ලබා ගනිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනබල ගැන්වීමේ අරමුණින් නිල සාමාජිකත්වය පිරිනැමීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘රට නඟන නිල් රැල්ල’ වැඩපිළිවෙළට සමඟාමීව මේ පිරිස එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක

බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රට නඟන නිල් රැල්ල වැඩපිළිවෙළ දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දඹුල්ල, යාපාගම දී පැවැත්විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ මුල් කාලයේ එහි සාමාජිකත්වය ලැබූ පවුල් දෙකකට අයත් සාමාජිකයන් අදටත් තම පක්ෂයේ සාමාජිකත්වය දරන බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

පක්ෂය වෙනුවෙන් ඇති වගකීම, වගවීම සහ අයිතිය ඔවුන්ට ද හිමිවන අතර ඩී. ඒ. රාජපක්ෂ හා ටී.බී තෙන්නකෝන් මහත්වරුන්ගේ දරුවන් අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්නොහැර එය රැකබලා ගනිමින් තම වගකීම ඉටුකිරීම සෙසු දේශපාලන පක්ෂවලටත් පූර්වාදර්ශයක් බවද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය මඟින් ජනතා සුබසාධන හා අභිවෘද්ධිය පදනම් කරගෙන ක්‍රියාත්මක සංවර්ධනාත්මක වැඩපිළිවෙළ ගම් නියම්ගම් කරා ව්‍යාප්ත කිරීමට පියවර ගැනීම හේතුවෙන් දඹුල්ල ආසනයේ බොහෝ දුෂ්කර ගම්මාන ශීඝ්‍රයෙන් දියුණුවට පත්වී තිබෙන බව පෙන්වාදුන් ඇමැතිවරයා විදුලිබල, මංමාවත් වැනි යටිතල පහසුකම් රැසක් අද වනවිට ඔවුන්ට හිමිවී තිබෙන බව කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]