මුද්‍රණය සඳහා

 
ජනපති මැදිහත්වීමෙන් බෝගල උපවාසය නවතී

ජනපති මැදිහත්වීමෙන් බෝගල උපවාසය නවතී

කහටගහ බෝගල පතලේ සේවකයන් දින කිහිපයක් තිස්සේ ආරම්භ කර තිබූ වැඩ වර්ජනය සහ උපවාසය ඊයේ (18) රාත්‍රියේ අවසන් කෙරිණි. ජනාධිපතිතුමාගේ නියමයෙන් කර්මාන්ත සංවර්ධන ඇමැතිවරයා විසින් මෙම සේවකයන්ගේ ප්‍රශ්න විසඳීමට පත් කළ කමිටුව සමඟ සේවක වෘත්තීය සමිති සාකච්ඡා කිරීමෙන් අනතුරුව

වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා ‘දිනමිණ’ ට පැවැසීය.  කහටගහ, බෝගල ග්‍රැෆයිට් සමාගමේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කිරීමට ජනපති නියමයෙන් ඉකුත් කාල සීමාව තුළ පියවර රැසක් ගෙන ඇතැයි ද ලේකම්වරයා කීය.

වැටුප් සහ උත්සව පාරිතෝෂික දීමනා සම්බන්ධ ගැටලු කිහිපයක් මත මෙම සේවක වර්ජනය අරඹා තිබිණ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]