උණුසුම් කාලගුණය මැයි මැද තෙක්

උණුසුම් කාලගුණය මැයි මැද තෙක්

වායු ගෝලයේ පවතින උණුසුම මැයි මාසයේ මැද දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මේ දිනවල විටින් විට පවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ

උණුසුම් දේශගුණික තත්ත්වය අඅඩුවිය හැකි වුවත් වැසි නොලැබෙන දිනවල උණුසුම එලෙසම පවතිනු ඇති බව කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා අවධාරණය කැර සිටී. අහස වලාකුළුවලින් තොරවීම නිසා සූර්ය කිරණ වායු ගෝලයට හොඳින් පතිතවීම සුලං වේගය දුර්වල වීම සහ මුහුද දෙසින් හමන උණුසුම් ජල වාෂ්ප සහිත සුළං මේ උණුසුම් තත්ත්වයට හේතුවී ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ කාලයේ දිවයින දෙසට බටහිරින් සුළං හමන බව කී මෙන්ඩිස් මහතා, ගොඩබිම සිසිල් වෙන වේගයට වඩා අඩු වේගයකින් සාගරය සිසිල් වන නිසා රාත්‍රියේ මුහුද දෙසින් හමන උණුසුම් ජල වාෂ්ප සහිත සුළං මේ උණුසුම් තත්ත්වයට හේතුවී ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

ම් කාලයේ දිවයින දෙසට බටහිරින් සුළං හමන බව කී මෙන්ඩිස් මහත ගොඩබිම සිසිල්වෙන වේගයට වඩා අඩු වේගයකින් සාගරය සිසිල් වන නිසා රාත්‍රියේ මුහුද දෙසින් හමනුයේ උණුසුම් ජල වාෂ්ප සහිත සුළං බව ද කී ඒ මහතා, රාත්‍රියේද ගොඩබිම උණුසුම් තත්ත්වයක් පවතින බව කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා