මුද්‍රණය සඳහා

 
දෙස් විදෙස් සංචාරකයන්ට පරිසර හිතකාමී සංචාරක නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක්

දෙස් විදෙස් සංචාරකයන්ට පරිසර හිතකාමී සංචාරක නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක්

දෙස් විදෙස් සංචාරකයන්ට පරිසර හිතකාමී සංචාරක නිවාස ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් බස්නාහිර පළාත් කෘෂිකර්ම ගොවිජන සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය ආරම්භ කරයි.

සංචාරකයන් විශාල ප්‍රමාණයක් පළාත තුළ විවිධ ස්ථාන කරා ඇදෙන නමුත් මොවුන් සඳහා කෘෂිකාර්මික අත්දැකීම් පාදක කොට ගත් ස්ථාන නොමැතිවීමේ අඩුව පිරවීම සඳහා වැඩ පිළිවෙල ආරම්භ කළ බව පළාත් අමාත්‍යාංශය කියයි.

සංචාරක නිවාසයන්හි නවතම අත්දැකීම් ලබා ගැනීමට සුදුසු පාරිසරික සම්පත් සහිතව අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ මේ පරිසර හිතකාමී සංචාරක නිවාස 2ක් එම වැඩපිළිවෙළ යටතේ දැනටමත් පිහිටුවා ඇති බව පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මේ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 10කි.

එම පුහුණු මධ්‍යස්ථානයට යාබදව ඇති බජ්ජන්ගොඩ රක්ෂිතය හා මාඔය සංචාරකයන් ගෙන්වා ගැනීමට මහඟු සම්පත් බව පළාත් අමාත්‍යාංශය සඳහන් කරයි. ගොවිපළ තුළ ගොවිතැන් ක්‍රම, වගා රටා, පාරම්පරික වගා ක්‍රම, සත්ව පාලනය තව දුරටත් සංවර්ධනය කරමින් ඉතාමත් දර්ශනීය ගොවිපළක් බවට පත්කැර වස විසෙන් තොර නැවුම් පලතුරු එළවළුවලින් සැදි සම්ප්‍රදායික ආහාර වේලක් රස විඳීමේ අවස්ථාව ළඟා කර දීමට දැන් කටයුතු කරගෙන යන බව පළාත් ඇමැති ගම්මන්පිල මහතා කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]