මුද්‍රණය සඳහා

 
උත්සව සමයේ දින 13කින් ලක් සතොසට කෝටි 176ක්

උත්සව සමයේ දින 13කින් ලක් සතොසට කෝටි 176ක්

පසුගිය උත්සව සමයේ දී දින 13 කින් ලක් සතොස ලැබූ ආදායම රුපියල් කෝටි 176ක් වන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

රටපුරා ලක් සතොස අලෙවිසල් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ දී පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක යෙදී සිටි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සතොසට මෙතරම් විශාල ආදායමක් ලබා ගැනීමට හැකිවී තිබේ. කිසිම හිඟයකින් තොරව සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ලබා දෙන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දී තිබේ.

මීට පෙර අවස්ථාවල ලක් සතොසෙහි වැඩිම පිරිවැටුම (ආදායම) වූයේ රුපියල් කෝටි 120කි.

උත්සව සමයෙන් අනතුරුවද පාරිභෝගික ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා ගැනීමට හැකි බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

උත්සව සමයේ දී ලක් සතොස සේවාව දුර්වල බවට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]