ගෙවල් 20ක් බිඳ පැන ගිය කුඩ්ඩා පොලිසියටත් බෝම්බ ගහලා

ගෙවල් 20ක් බිඳ පැන ගිය කුඩ්ඩා පොලිසියටත් බෝම්බ ගහලා

සොරාගත් බඩුවලින් කොටසක් සොය‍ා ගනී

ගෙවල් බිඳුම් 20ක් පමණ සිදුකරන ලදැයි කියන මත් ලෝලියකු අත්අඩංගුවට ගැනීමට ගිය විට ඔහු පොලිසියට බෝම්බ ගැසීමට තැත්කර පලායමින් සිටියදී මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මීගමුව දළුපතවැව කඳවුර අසලදීය. අත්අඩංගුවට ගත් මේ සැකකරු කටාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

සැකකරු මීගමුව අඩි හැට පාරේ ගෙවල් බිඳුම් 20 ක් පමණ සිදුකර රුපියල් ලක්‍ෂ ගණනාවක් වටිනා රත්තරන් අභරණ, පාපැදි, විදුලි උඳුන් ආදිය සොරාගෙන ගොස් තිබෙන බව මීගමුව පොලිසිය සඳහන් කරයි.

මොහු විසින් සොරකම් කරන ලද දේපළවලින් කොටසක් පොලිසිය සොයාගෙන ඇත.

මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී හල්ලව මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගෙන සොරාගන්නා ලද දේපළ සොයාගෙන විමර්ශන කටයුතු සිදුකරන ලද්දේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සජිත් රත්නායක, උප පොලිස් පරීක්‍ෂක ඒ. බී. පුණ්‍යසේන, පොලිස් සැරයන් නිෂ්මි, පොලිස් කොස්තාපල් චාමර යන මහත්වරුන්ගෙන් සැදුණ පොලිස් කණ්ඩායමක් විසිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා