මුද්‍රණය සඳහා

 
තරුණියන්ට කෘෂිකාර්මික දැනුම

තරුණියන්ට කෘෂිකාර්මික දැනුම

කළුතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට කෘෂිකර්ම පිළිබඳ පුහුණුවක් ලබා දී ඔවුන් කෘෂිකර්මය කෙරෙහි නැඹුරු කර ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කෙරේ.

අවුරුදු 18 – 40 අතර තරුණ තරුණියන් ඊට දායක කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් තරුණ තරුණියන් දස දෙනා බැගින් තෝරාගෙන කෘෂිකර්ම ගොවිපළවල් හා පුහුණු මධ්‍යස්ථානවලදී ඔවුන්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදේ.

පුහුණුවෙන් පසු ඔවුන්ට වාණිජ මට්ටමෙන් කෘෂිකාර්මික කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය ඉඩම්, බිම් හා පැළ වර්ග ද බැංකු ණය ආධාර ද ලබා දීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]