බඩගිනි නිවාගන්න බට පොත්තට පණ දුන්නත් කප්පරක දුක් ගිනි මිස නෑ සැපතක් කවදාවත්

බඩගිනි නිවාගන්න බට පොත්තට පණ දුන්නත් කප්පරක දුක් ගිනි මිස නෑ සැපතක් කවදාවත්

සිරිපාල කිරිගොට්ටක මුල්ල පුරා ගන්නා අන්දම පෙන්වා දෙමින්

බට පොත්තෙන් ජීවිත ගැට ගහගන්න වෙර දරන පුද්ගලයෙක් හමුවිය. ඔහු ගවරගිරිය - කොළඹෑව ලිපිනයේ පදිංචි තෙදරු පියකුවන හේවගේ සිරිපාලය.

කාංචනා සඳමාලි කුල්ලක් ගැටිලමින් සිටින අයුරු.

සිරිපාල සහ පවුලේ අය ඡායාරූප- පාලින්ද නුවර විශේෂ

වට්ටියක්, පෙට්ටියක් කුල්ලක් කිරිගොට්ටක්් වියාගන විකුණා අතට ලැබෙන සොච්චමෙන් අඩු පාඩු මැද පුංචි කටු මැටි පැල්පතක අඹු දරුවන් සමග කල් ගෙවෙන ඔවුන්ගේ ජීවිත පිළිබඳව සිරිපාල මෙසේ කීය.

අපට කියල කිසිම දේපලක් නෑ. මේ ඉන්න ඉඩමත් ගමේ කෙනෙක් තමයි දුන්නේ. පුංචි පැල්පතක් අටව ගත්තා හොඳට ගෙයක් දොරක් හදල ඉන්ඩ තරන් මිලක් මුදලක් මේ රස්සාවෙන් හොයන්ඩ බෑ.

ඇස්. එච්. මියුලින් කුසුමලතා මගේ බිරිය සුගත් කුමාර පුතා - කාන්චනා සඳමාලි දුව (16) අපි (04) හතර දෙනාම එක්ව මේ කර්මාන්තය කරගන යන්නත් ඉඩක් නෑ බට ගහක්. දෙකක් කපල ගෙනැල්ල කරන මේ කර්මාන්තය කරන්ඩත් පර්මිට් එකක් ගන්ඩ වෙනව කියල මුර මහත්තය කිව්වා.

පර්මිට් ගන්ඩ සල්ලි කෝ මේ රස්සාවෙන් අපේ ජීවිත රැක ගන්නෙත් හරිම අමාරුවෙන්.

බට පොතු ගහලා හරි බරි ගස්ස ගන්ඩ දවසක් ම ගතවෙනවා. කුල්ලක් වියල ගැටි වැල් බැඳල වැඩ ඉවර කරගන්ඩ ලේසි නෑ. මේවා වෙළෙඳපලට ගිහින් විකුණා ගන්නෙ හරිම අමාරුවෙන්.

මහන්සියේ හැටියට මිලක් නෑ. ප්ලාස්ටික් භාණ්ඩ ආවට පස්සෙ මේවාට තිබිච්චි ඉල්ලුමත් නෑ. දැන් අපි කුල්ලක් කිරිගොට්ටක් විකුණා ගන්නෙ හරිම අමාරුවෙන්. කඩවලට දීලත් විකුණා ගන්නවා.

ගෙවල්වලට ගිහිල්ල විකුණා ගත්තොත් තමයි කීයක් හරි අතට එන්නෙ. පර්මිට් නැතුව බට ගහක් දෙකක් කැපුව කියල හිරේ විලංගුවෙ මාව වැටුනොත් පවුලේ ඔක්කොම මගක් - මගක් ගානෙ වෙයි.

කාන්චනා සඳමාලි ඉස්කෝලේ (06) පන්තියට පමණයි ගියේ. ඒ දවස්වල ඉගෙන ගන්ඩ ආසයි. ඒත් අපිට සල්ලිකෝ මම කුළු කිරිගොටු වියනවා.

කුල්ලක් බට නගාගන වියල ඉවර කර ගන්ඩ දවසක්ම ගතවෙනවා. මම වියන කුළු කිරිගොටු මේවාත් විකුණා ගන්ඩ අරන් යන්නේ තාත්තා තමයි. තාත්තා මේවා විකුණලා අපිට කන්ඩ බඩු මුට්ටු අරන් එනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා