ත්‍රිරෝද රථයකින් කසිප්පු ඇදලා

ත්‍රිරෝද රථයකින් කසිප්පු ඇදලා

තරාල සිට පැපිලියවල, ඇළපාර දෙසට නීතිවිරෝධී අන්දමින් කසිප්පු බෝතල් 44ක් (මිලිලීටර් 33,000ක්) රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක් පූගොඩ පොලිසිය මගින් පූූගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමඟ එහි සිටි ත්‍රිරෝද රථ රියැදුරා හා තවත් අයකු ද පොලිස් භාරයට ගැනිණි.

පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මේ දෙදෙනා පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජී. එල්. ප්‍රියන්ත මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට රුපියල් 45,000 බැගින් එම දෙදෙනාට රුපියල් අනූදහසක දඩයක් නියම කෙළේය.

පසුව එම දෙදෙනා රුපියල් පනස් දහස බැගින් වූ පෞද්ගලික ඇපයක් මත මුදාහරිනු ලැබූ අතර වාහනය පිළිබඳව විමසීම හා දඩමුදල් ගෙවීම ලබන මස 08 වැනි දිනට කල් තැබිණ.

පූගොඩ පොලිසියේ සැරයන් මුණසිංහ (12733) හා චන්ද්‍රපාල (4300) යන නිලධාරීහු විසින් මොවුන් පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා