මහවැලියේ ගොවීහු වීථි බසිති

මහවැලියේ ගොවීහු වීථි බසිති

දෙහිඅත්තකණ්ඩිය ගොවීන් අද උද්ඝෝෂණයක නිරතවිය. දෙහිඅත්තකණ්ඩිය නගර මධ්‍යයේ පැවැත්වූ මෙම උද්ඝෝෂණයට ගොවීන් දහසක් (1000) පමණ සහභාගි විය. 2006 දී පොහොර මිටි 10 ක් ලබා දුන්නද අද එය පොහොර මිටි පහ දක්වා අඩු කිරීම, ගොවි විශ්‍රාම වැටුප නතර කිරීම, නිසි ජල කළමනාකරණයක් නොමැතිකම ආදී හේතූ®න් මුල්කරගෙන මේ උද්ඝෝෂණය පැවැත්විණි.

පසුව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්වරයාට සංදේශයක් භාරදීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔවුන් ගිය පසු ඔහු නොසිටීම නිසා දෙහිඅත්තකණ්ඩිය ගොවිජන සේවා අධ්‍යක්‍ෂ කේ. එම්. ඒ. එස්. කාප්පාගොඩ මහතාට සංදේශය භාර දුන් අතර මෙම ගැටලුව ජනාධිපතිතුමාටත්, කෘෂිකර්ම අමාත්‍යවරයාටත් දැනුම් දීමට කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයාගෙන් ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව ගොවීහු උද්ඝෝෂණය නතර කළහ.

මේ ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් මහවැලි සී කලාපයේ සියලුම ගොවීන් එකතු කරගෙන මාරාන්තික උපවාසයක නිරතවන බව ඔවුහු පැවැසූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා