මුද්‍රණය සඳහා

 
පැසිපන්දු අවු.17න් පහළ බාලිකා ශූරතාව බම්බලපිටියට

පැසිපන්දු අවු.17න් පහළ බාලිකා ශූරතාව බම්බලපිටියට

පාසල් පැසිපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලියේ අවුරුදු 17න් පහළ බාලිකා ශූරතාව හිමිකර ගැනීමට බම්බලපිටිය ශුද්ධ වු පවුලේ කන්‍යාරාම කණ්ඩායම සමත්විය.

වෙන්නප්පුව ශූද්ධ වු පවුලේ කන්‍යාරාම ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී බම්බලපිටිය කණ්ඩායම හමුවේ ලකුණු 52-39ක් ලෙස කොටහේන යහපත් එඩේරා කන්‍යාරම පිල පරාජයට පත්විය.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වෙන්නප්පුව ශුද්ධ වු පවුලේ බාලිකා පිල සහ කොළඹ ජාත්‍යන්තර පාසල් පිල අතර පැවති තරගයෙන් ජයගැනීමට වෙන්නප්පු පිලට හැකිවිය. ලකුණු තත්ත්වය වුයේ 53-39ක් ලෙසිනි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පාසල් පැසිපන්දු සංගමයේ ‍උප සභාපතිනි එස්.කුරුම්බලාපිටිය, ලේකම් ආර්.ජේ.ජේ.කැන්දන් සහෝදරතුමන් සහභාගීවුහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]