ඇෆ්ගනිස්තානයට අයි.සී.සී.යෙන් සල්ලි මල්ලක්

ඇෆ්ගනිස්තානයට අයි.සී.සී.යෙන් සල්ලි මල්ලක්

යුද්ධයෙන් විනාශයට පත් ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය එරට ක්‍රිකට් බලධාරීන්ට මුදල් ප්‍රතිපාදන ලබාදී ඇත. ක්‍රිකට් ක්‍රීඩාව අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වී ඇති ඇෆ්ගනිස්තානය 2001 වසරේ දී අයි.සී.සී.යේ අනුබද්ධිත සාමාජිකත්වය ලබා ගත් අතර 2009 වසරේ දී එක්දින වරම් ලබා ගත්තේය.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ 2015 ලෝක කුසලාන තරගමාලාවට සුදුසුකම් ලබාගැනීමය. කාබුල් නුවර ජාතික ක්‍රිකට් ඇකඩමිය දියුණු කිරීමට අමෙරිකානු ඩොලර් ලක්ෂ හතරකට අධික මුදලක් පරිත්‍යාග කිරීමට අයි.සී.සී.ය පියවර ගත්තේය. ඉදිරියේ දී තවත් මුදල් ප්‍රතිපාදන ලැබෙනු ඇතැයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

ලබන ජූනි මස අයි.සී.සී.යේ වාර්ෂික සමුළුවේදී ඇෆ්ගනිස්තානයට අර්ධ සාමාජිකත්වය පිරිනැමීම කෙරෙහි අවධානය යොමුකිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා