සංගක්කාර නායකත්වයෙන් ඉවතට

සංගක්කාර නායකත්වයෙන් ඉවතට

අයි.පී.එල්.තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර පිතිහරඹයේ අසාර්ථකභාවය හේතුවෙන් තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත්වී සිටියි. පෙරේදා පුනේ වොරියස් පිල සමග පැවැති තරගයට ඔහු ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට නායකයා ලෙස කටයුතු කරනු ලැබුවේ කැමරුන් වයිට් විසිනි. දකුණු අප්‍රිකානු කඩුලු රකින්නකු වන ක්වින්ටන් ඩි කොක් සංගක්කාර වෙනුවට කණ්ඩායමට එක්විය.

මේ වනවිට තරග 5කට සහභාගි වී ඇති සංගක්කාර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 84ක් පමණි. පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලියේ දීද අසාර්ථක වීමේ හේතුවෙන් සංගක්කාර කණ්ඩායමෙන් ඉවත්ව සිටියේය. ඒ වනවිට ඔහු කටයුතු කළේ ඩෙකන් චාර්ජර්ස් පිලේ නායකයා ලෙසය. මෙවර තරගාවලියේ ඔහු ඉනිම් 5කදී ලකුණු රැස් කළේ 15, 16, 23, 28 හා 2ක් වශයෙනි.

කෙසේවෙතත් මේ වනවිට තරග 6කට සහභාගි වී ඇති සන්රයිස් හයිද්‍රාබාද් පිල ඉන් තරග 4ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා