වෙළඳ සේවා සුපිරි ක්‍රිකට් අද ඇරැඹේ

වෙළඳ සේවා සුපිරි ක්‍රිකට් අද ඇරැඹේ

වර්නන් ගුණසේකර

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය ප්‍රථම වතාවට මෙහෙයවන විස්සයි20 පිළිමළුන් පිටු දැකීමේ සුපිරි ක්‍රිකට් තරගාවලිය අද (19) ඇරැඹේ.

තුන් දිනක් තිස්සේ පැවැත්වෙන තරගාවලියේ අද පළමු දිනයේදී අර්ධ අවසන් පූර්ව තරග බී.ආර්.සී. හා කෝල්ට්ස් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර හෙට දෙවැනි දිනයේදී අවසන් පූර්ව තරග බී.ආර්.සී. පිටියේදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය හා අවසාන මහා තරගයත් ජය සංකේත ප්‍රදානයත් ඉරිදා එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 2013 වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳම කණ්ඩායම් 4 සහ ‘බී’ හා ‘සී’ කොටස්වල ශූරයන් හා අනුශූරයන් වශයෙන් කණ්ඩායම් 8ක් මේ මංගල තරගාවලියට සහභාගි වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා