මාතර මිතුරු පිලට ක්‍රිකට් ජයක්

මාතර මිතුරු පිලට ක්‍රිකට් ජයක්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය, මාතර ප්‍රා.මිතුරු හවුල සහ ඉසදින් නගරයේ ප්‍රින්ස් ක්‍රීඩා සමාජය අතර පැවැති දයාරත්ත කොඩිප්පිලි අනුස්මරණ කුසාලන ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකරගැනීමට මාතර ප්‍රා.මිතුරු හවුල සමත්විය.

රුහුණු සේවා කණ්ඩායම ලකුණු 62ක් රැස්කළ අතර මිතුරු හවුල කඩුලු 5ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

අනුශූරතාව සඳහා පිරිනැමුණු කපිල සමරවික්‍රම අනුස්මරණ කුසලානය රුහුණු සේවයට හිමිවිය.

තරගයේ වීරයා‍ ලෙස චමත් ලියනගේ, දක්ෂතම පන්දු රකින්නා මලිදු කල්හාර, දක්ෂතම පිතිකරු පිරුන රශ්මිත සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස කසුන් සමරතුංග සම්මාන හිමිකර ගත්හ.

මාතර රාහුල විදුහල් ක්‍රීඩංගණයේ පසුගියදා පැවැති තරගාවලියේ ජය සංකේත ප්‍රදානය දක්ෂිණ සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මුදල් හා පාලන ඩී.පද්මසිරි, උපුල් කොඩිප්පිලි, අමිත් කරුණාරත්න (රුහුණු ගුවන් විදුලිය), ප්‍රේඩි කුමාරප්පෙරුම (ප්‍රා.මි.හ. සභාපති) සහ තුසිත වික්‍රමසිංහ (ප්‍රින්ස් ක්‍රී.ස) මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා