ආධුනික බොක්සිං 24දා සිට

ආධුනික බොක්සිං 24දා සිට

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය මෙහෙයවනු ලබන කාන්තා හා පිරිමි ආධුනික බොක්සිං තරගාවලිය මේ මස 24දා සිට 28දින දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කාන්තා හා පිරිමි බර පන්ති 10ක් ඇතුලත් වන මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතිවිශාල ප්‍රමාණයක් තරග වදින බැවින් තරගාවලිය දින 5ක් පුරා පැවැත්වේ. සියලු තරග අන්තර් ජාතික බොක්සිං සංගමයේ නීතිරීතිවලට අනුව පැවැත්වෙන අතර අවුරුදු 17 – 40දක්වා වයස් කාණ්ඩයේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා‍ සහභාගි විය හැකිය. සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට පෙර ආධුනික, අන්තර් මධ්‍ය, විවෘත හෝ වෙනත් ජාතික තරගාවලියකට සහභාගි නොවූ අය විය යුතුය.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් හා සහතිකපත් පිරිනැමෙන අතර ඉදිරියේ දී පැවැත්වෙන ලේටන් හා ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලි හා ජාතික බොක්සිං ශූරතා සඳහා සහභාගිවීමේ අවස්ථාව උදාවේ.

ගුවන්, යුද, නාවික, පොලිසිය, ස්ලිම්ලයින්, යුනිචෙලා, ලීනියා, තුරුලී, මාස් සදර්න්, සිලුවෙටා, යුද හමුදා රතු කණ්ඩායම මෙවර තරගාවලිය නියෝජනය කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා