පාකිස්තානයේ නපුංසකයන්ටත් මැතිවරණ තරග වරම්

පාකිස්තානයේ නපුංසකයන්ටත් මැතිවරණ තරග වරම්

පාකිස්තානයේ නාටිකාංගනාවන්, යාචකයින් හා ගණිකාවන් ලෙස පෙනී සිටින එරට සමාජයෙන් ඈත්කොට සිටින නපුංසක ප්‍රජාව පළමු වරට මෙවර මැතිවරණයට තරග කරන කීපදෙනකු හරහා දේශපාලනයට අවතීර්ණය වී තිබේ.

23,000ක් අපේක්ෂක සංඛ්‍යාවක් අතරින් ඔවුන්ගේ සංඛ්‍යාව 7 දෙනකු පමණ විය හැකි අතර ඔවුන්ට ජයග්‍රහණයේ වරමක් හිමි නොවන තරම් වන නමුදු මෙය සම්ප්‍රදායික මුස්ලිම් සමාජයක ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් සිදුකරන පෙළ ගැස්මක් ලෙස සැලකේ.

ඔවුන් අතුරෙන් ස්වාධින අපේක්ෂිකාවක ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටින සුක්කූර් නගරයේ සනාම් ‍ෆකීර් පවසන්නේ ඔවුන්ට නඩත්තු කිරීමට පවුලක් පන්සලක් නොමැති බැවින් ජනතාව ඔවුන් දූෂණ ක්‍රියාවන්හි නොයෙදෙන බව විශ්වාස කරන බවය. සෙසු දේශපාලනඥයින් මෙන් ජනතාවගේ මුදල් කොල්ලකමින් ඊළඟ පරම්පරාවක් වෙනුවෙන් ධනය රැස්කිරීමට හෝ ගෙවල් දොරවල් තැනීමට ඔවුන් නොපෙළඹෙන බව ජනතාව දන්නා බව ද ඇය කියයි.

පසුගිය කාලයේ නාටිකාංගනාවක් ලෙස කටයුතු කළ ඇය දැන් මැයි 11 මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතුවල යෙදීසිටින්නීය. දේශපාලනය බෙහෙවින් බැරෑරුම් කටයුත්තක් බවද ඇය පවසන්නීය . ජයග්‍රහණය කළ හොත් තම නගරය පවිත්‍ර නගරයක් සේම රථවාහන තදබදයෙන් තොර නගරයක් බවට පත්කරන බව ඇය කියා සිටින්නීය.

පාකිස්තානයේ 500,000ක පමණ නපුංසක ජනතාවක් වෙසෙන බවට තක්සේරු කර ඇතැයි පැවාසේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා