දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

අද (29) පැවැත්වීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා දිනමිණ ට පැවැසි ය.

විස්තර»


රටක් විදිහට සංවර්ධනය වීමට නම් ගම නගරයට සමීප විය යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
 2013 අප්‍රේල් 09 වැනිදා  කොළඹදී ය.


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ක්‍රීඩා පිටි හදන්න ජා.පා.ස. දුන් සුනාමි සල්ලි

ෆුට් බෝලයෙන් කෝටි 50ක් ගහලා

මුදල් ගෙන්වාගෙන ඇත්තේ
'ගෝල් සංවර්ධන' කාර්යාලය

සල්ලි ගෙන්වාගෙන තිබෙන්නේ
හොර අස්සන් ගහලා

තොරතුරු සොයන්න නව
සභාපතිගෙන් කමිටුවක්

සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා පිටි සංවර්ධනයට ජගත් පාපන්දු සම්මේලනයෙන් ලැබුණු රුපියල් කෝටි 50ක ආධාර මුදල් නාස්තිකාර ලෙස වැය කොට ඇති බවට වාර්තා වෙයි.එම විශාල මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තුළ වෙනම ක්‍රියාත්මක වූ 'ගෝල් සංවර්ධන ව්‍යාපෘති කාර්යාලය 'මඟිනි.

විස්තර»

සන්ධානයේ රට නඟන මැයි රැල්ල
කැම්බල් පිටියේදී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රට නඟන මැයි රැල්ල ලෝක මැයි දින සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී මැයි මස 01 දින සවස 3.00 ට පැවැත්වේ.දහවල් 12. 30ට කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලින් ඇරැඹෙන පෙළපාලිය ඩී. එස්. හන්දිය, බේස්ලයින් මාවත හරහා කැම්බල් පිටිය වෙත පැමිණිමට නියමිත බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

විස්තර»

පොදු රද මඬුලු සමුළුව ස්ථිර වශයෙන්ම
ශ්‍රී ලංකාවේ

මහලේකම් කමලේෂ් ෂර්මා

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා අවධාරණය කරයි.එම සමුළුව එළඹෙන නොවැම්බර් මාසයේ 15, 16 හා 17 දිනයන්හි කොළඹදී පැවැත්වීම සඳහා තීරණයකර තිබෙන අතර එම තීරණයේ කිසිඳු වෙනසක් නැතැයිද මහලේකම්වරයා ප්‍රකාශ කරයි.

විස්තර»

සමුළුවට තිරවම එක් වෙනවා

ඕස්ට්‍රේලියා රජය කියයි

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව සඳහා ස්ථිර වශයෙන්ම සහභාගීවන බව ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කරයි. එම රාජ්‍ය නායක සමුළුව කිසිවිටෙකත් වර්ජනය නොකරන බවද ඒ සඳහා සෙසු සාමාජික රටවල්ද සහභාගී වන බැවින් එය වර්ජනය කිරීම ප්‍රතිඵලදායක කරුණක් නොවන බවද ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමැති බොබ් කාර් මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

ලේක්හවුස් තවත් ප්‍රකාශනයක්

මුතුඅහුර - 2 ළමා පුවත්පත  හෙට එළිදකී

සිමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම දෙක වසර සිසුන් සඳහා විෂය නිර්දේශයට සමගාමීව ඉදිරිපත් කරන මුතු අහුර - 2 ළමා පුවත්පත හෙට (30) උදේ 10.00ට නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විදුහලේදී එළිදැක්වේ.

විස්තර»

විපක්ෂ නායක යළි ජාතිවාදය අවුස්සන අසාර්ථක වෑයමක

උතුරුමැද මහ ඇමැති

යාපනයේ උදයන් පුවත්පත් ආයතනයට යුද හමුදාව පහරදුන් බවට අසත්‍ය ‍චෝදනාවක් එල්ල කළ විපක්ෂ නායකවරයා යළි ජාතිවාදය අවුස්සා රට ලේ විලක් බවට පත් කොට බලය ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටින බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.

විස්තර»

තමිල්නාඩුවේ ව්‍යාපාර ආර්ථිකය
කඩා වැටිලා

ශ්‍රී ලාංකිකයන්ගේ නොපැමිණීම හේතුව බව චෙන්නායි ව්‍යාපාරිකයෝ කලවානේ හිමියන්ට කියති

තමිල්නාඩුවට පැමිණි ශ්‍රී ලාංකික ජනතාවට පසුගිය දිනවලදී සිදු කළ හිරිහැර, තර්ජන, දෝෂාරෝපන නිසා වර්තමාන‍යේ තමිල්නාඩුවේ ව්‍යාපාරික ආර්ථිකය විශාල ලෙස බිඳවැටීමකට ලක්වී ඇතැයි චෙන්නායි නුවර ව්‍යාපාරිකයෝ කියති.චෙන්නායි නුවර එග්මෝර් නගරයේ පිහිටුවා ඇති මහබෝධි සංගමයේ මධ්‍යස්ථානාධිකාරී කලවානේ මහනාම හිමියන් හමුවූ මෙම ව්‍යාපාරිකයෝ නැවැත ශ්‍රී ලාංකිකයින් චෙන්නායි නගරයට පැමිණීමට කටයුතු පිළියෙළ කර දෙන ලෙස ඉල්ලා සිටිති.

විස්තර»

උපන් මවු බිම වෙනුවෙන් සෑම විටම පෙනී සිටිමු



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංගමය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා නීතිඥවරුන් පිරිසක් සමඟ සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු. ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මෛත්‍රීපාල සිරිසේන, බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස්, අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - නලින් හේවාපතිරණ

විස්තර»



 

කිලිනොච්චියෙ යනවා කියා මැදවච්චියෙ ගිය අයියා
අලිමංකඩ වරද්දගෙන පාමංකඩ දී දොයියා
මහ ලොකුවට එහේ ගිහින් කයිය ගහන කයියා
උරුලෑවා ගියා වගෙයි ගිය තැන ඔය ගොයියා