දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරින්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරින්

ආරිය රූබසිංහගේ සොහොයුරු හා නෑනා මරුට

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ 32 වැනි සැතපුම් කණුව අසලදී වෑන් රථයක් ආරක්ෂිත වැටේ ගැටී මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් වෑන් රථයේ ගමන් ගත් අඹු සැමි යුවළක් මිය ගොස් දෙදෙනකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

ඊයේ (28) අලුයම 6.45ට පමණ මෙම අනතුර වී ඇති අතර අනතුරෙන් මිය ගොස් ඇත්තේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙකු වූ ආරිය රූබසිංහ මහතාගේ සහෝදරයකු වන පියසේන රූබසිංහ (67) මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා යාපා (65) මහත්මියයි.

මෙම අනතුරෙන් ඒ මහතාගේ පුතා හා රියදුරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත. පියසේන රූබසිංහ මහතා තම ලේලිය එංගලන්තයට යාම සඳහා කටුනායක ගුවන් තොටුපළට ගොස් ඇරලවා ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.

මොවුන් වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. ‍මොවුන් ගමන්ගත් වෑන් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ හැපී වඳුරඹ බද්දේගම මාර්ගයට විසි වී ගොස් වැටී තිබේ.

මිය ගිය අඹු සැමි යුවළගේ හදිසි මරණ පරීක්ෂණ ඊයේ (28) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා