මුද්‍රණය සඳහා

 
දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි

අද (29) පැවැත්වීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් ජානක ප්‍රනාන්දු මහතා දිනමිණ ට පැවැසි ය.

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධම්මික පෙරේරා මහතා හා අතිරේක ලේකම් මල්කාන්ති ජයවර්ධන මහත්මිය මේ පිළිබඳ ජනාධිපති ලේකම්වරයා සමඟ හෙට (30) නැවත සාකච්ඡාවක් පවත්වා තීරණයක් දීමට එකඟ වීම නිසා වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ඒ මහතා පැවැසීය.

සාර්ථක විසඳුමක් නොලැබුණහොත් දැනුම් දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනයකට යොමුවන බවද හෙතෙම කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]