දෙහිවල සත්තුවත්තට සිංහයන් තිදෙනෙක්

දෙහිවල සත්තුවත්තට සිංහයන් තිදෙනෙක්

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට සිංහයන් තිදෙනෙකු මැයි මස මුල් සති දෙක තුළ ගෙන ඒමට කටයුතු කටයුතු යොදා ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

වයස අවුරුදු දෙකක් පමණ වන මේ සිංහ පැටවුන් ගෙන් ගැහැණු සතුන් දෙදෙනා ජර්මනියෙන් සහ පිරිමි පැටවා දකුණු කොරියාවෙන් ආනයනය කෙරෙයි. දැනට එහි සිටින සිංහයන් සය දෙනෙකුගේ වයස අවුරුදු පහළොව ඉක්මවා ගොස් ඇති බැවින් ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය ද දුර්වල වී ඇත. මේ සිංහ පැටවුන් ඉදිරියේදී මහජන ප්‍රදර්ශනය සූදානම් වන බවත් සඳහන්වේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා