මෙන්න උදයන් පුවත්පත ජාතිවාදය ඇවිස්සීමේ තවත් හෙළිදරව්වක්

මෙන්න උදයන් පුවත්පත ජාතිවාදය ඇවිස්සීමේ තවත් හෙළිදරව්වක්

දෙමළ ජනතාව නොමග යවමින් යාපනයේ මුද්‍රණය කරනු ලබන උදයන් පුවත්පත ජාතිවාදය අවුස්සන සුළු පුවත් හා කතුවැකි පළකිරීම දිගින් දිගටම සිදුකිරීම ඉතා කනගාටුදායක බව කිළිනොච්චිය දර්මපුරමිහි පදිංචි, ධර්ම පුරම්හි පුරවැසි කමිටුවේ සභාපති වන්නි මුරුගේසු මහතා දිනමිණට පැවසීය.

එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේදී ජාතිවාදය ඇවිස්සෙන සුළු කතා පැවැත්වූ අතර උදයන් පුවත්පත එයට ප්‍රධාන තැනක් දෙමින් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවද වන්නි මුරුගේසු මහතා කියයි.

ඉකුත් 26 දා කතුවැකියක් ලියන උදයන් කතුවරයා සඳහන් කරන්නේ සංවර්ධනයේ මුවාවෙන් ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට නොසලකා හරින බවයි.

උතුරේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට නම්, කළයුතු එකම දේ සටන් කිරීම බවද කතුවරයා කියයි. මෙවැනි අදූරදර්ශී කතුවරුන් හා ඇතැම් දෙමළ මාධ්‍යවේදීන් එක්වී නැවත ජනතාව හා රජය අතර විශ්වාසය පළුදුවන ආකාරයෙන් කටයුතු කරන ආකාරය කණගාටුවට කරුණක් බවද පවසන මුරුගේසු මහතා එය තරයේ හෙළා දකින බවද පවසා සිටී.

එම කතු වැකිය ඉතා ද්වේශ සහගත එකක් බවද වන්නි මුරුගේසු මහතා කියා සිටී.

2009 න් පසුව මේ දක්වා උතුරේ සිදුවී ඇති සංවර්ධනය උතුරේ ජනතාව හොඳින් දන්නා අතර, එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට බියෙන් මිරිකී සිටි උතුරේ ජනතාව එයින් මුදාගත් රජයට කෘතවේදය පළකළයුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

උතුරේ ජනතාව යුද්ධයකට ඇද දැමුවේද ඊනියා දෙමළ පුවත්පත් බවද ඔහු කියා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා