රට රැකියා දෙන බව කියා කෝටි ගණන් මුදල් ගැරූ පුද්ගලයා අත්අඩංගුවට

රට රැකියා දෙන බව කියා කෝටි ගණන් මුදල් ගැරූ පුද්ගලයා අත්අඩංගුවට

විදේශ රැකියා ලබා දෙන බව පවසා විශාල පිරිසකගෙන් රුපියල් කෝටියක් පමණ මුදලක් වංචා කළ 36 හැවිරිදි පුද්ගලයකු ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු පස්යාල හා දංඕවිට ප්‍රදේශයේ නිවසක පදිංචිව සිට මාකොල ප්‍රදේශයේ පදිංචියට ගොස් විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇත.

මෙම සැකකරුට විරුද්ධව පොලිසි ගණනාවක පැමිණිලි 49ක් පමණ ඇති අතර, ඔහුට විරුද්ධව වරෙන්තු 34ක්ද විවිධ ස්ථානවල අධිකරණ මඟින් නිකුත් කැර ඇත.

සමහර පුද්ගලයන්ගෙන් ලක්ෂ 2 බැගින් හා ලක්ෂය බැගින් මොහු මුදල් ලබාගෙන ඇත.

එලෙස මුදල් වංචාවට හසු වු විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 49 දෙනෙකු පමණ මේ වනවිට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු 40ක් පමණ දමා ඇතැයිද එයින් 34කට වරෙන්තු නිකුත් කැර ඇතැයිද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා