විදුලි බල ගැටලුව දේශපාලන සටන් පාඨයක් නොකොට එහි ගැඹුර හරිහැටි අවබෝධ කර ගත යුතුයි

විදුලි බල ගැටලුව දේශපාලන සටන් පාඨයක් නොකොට එහි ගැඹුර හරිහැටි අවබෝධ කර ගත යුතුයි

- ඇමති පාඨලී චම්පික රණවක

විදුලි බල ගැටළුව සරල දේශපාලන සටන් පාඨ බවට පත් කර නොගෙන එහි ගැඹුර අවබෝධ කර ගත යුතු බව තාක්ෂණ පර්යේෂණ සහ පරමාණුක බල ශක්ති ඇමති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බල ශක්තිය පිළිබඳව නිවැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකළ හොත් එය විශාල ගැටළුවකට හේතුවක් විය හැකි යයි කී ඇමතිවරයා වායු සමීකරණ යන්ත්‍ර වලට පමණක් සියයට හතලිහක විදුලියක් වැය වන බවත් ඒවා යම් නීතියකට යටත්ව පරිහරණය කළ හොත් විදුලි බල ගැටළුවට යම් පමණක හෝ පිළිතුරක් ලබා ගත හැකි බව ද කීය.

විදෙස් රට වල වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කිරීමේ දී යම් යම් නීති පනවා තිබෙන බව ද ඇමතිවරයා පැවසීය.

පාඨලි චම්පික රණවක ඇමතිවරයා මෙම අදහස් පළ කළේ පෙරේ දා (27)කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති ජාතික විද්වත් සභාව අමතමිනි.පසුගිය දා සිදු වු විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මෙම කථිකාවත පැවැත්විණ.

මිල සුත්‍ර න්‍යායක් අපි විදුලිය සඳහා ද ක්‍රියාත්මක කළ යුතුයි.විදුලිය සංරක්ෂණය කරන වැඩ සටහන් අවශ්‍යයි.බලාගාර වල වියදම් පිළිබඳව තාක්ෂණික විගණනයක් අවශ්‍යයි.එංගලන්තය ගල් අඟුරු භාවිතා කර බලගතු රටක් බවට පත් වුණා.විදුලි සහ තෙල් එකිනෙකට සම්බන්ධයි.මේවායේ ගැටළු කාරීතත්ත්වයක් ඇති වුවහොත් රටේ ආර්ථිකයට එය දැඩි ලෙස දැනෙනවා.

මෙම ආයතන දෙක ප්‍රබල කළමනාකාරීත්වයකට යටත් කරන්න ඕනෙ.

විදුලිය අඩුවෙන් පාවිච්චි කරන කෙනාට සාධාරණය ඉෂ්ඨ වන්න ඕනෙ.විදුලියේ බර පාරිභෝගිකයා දරන්න ඕනෙ.විදුලි ගැටළුවට විසඳුම් ලෙස විදුලිය කැපුවොත් ඒක ආර්ථිකයට දැඩි ලෙස බළපානව.දිනපතා පැයක් විදුලිය කැපුවොත් සියයට එකකින් ආර්ථිකය සංකෝචනය වනව.මේ රටේ හැමෝම අඩුවෙන් විදුලිය පරිභෝජනය කරනවා නම් ජල විදුලියෙන්ම විදුලි ගැටළුව විඳන්න පුළුවන්.විදුලිය ඉතිරි කර තිබෙන්නෙ ඒකක අනුවට අඩුවෙන් පාවිච්චි කරන අය කියල අපිට පෙනී ගිහිල්ල තිබෙනව.සුළු හා මධ්‍යම පරිමාන කර්මාන්ත රටේ කොඳු නාරටිය වශයෙහන් හඳුන්වයන්න පුළුවන්.ඒවාට විදුලි සහනයන් ලබා දි යුතු යයි ද ඇමතිවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා-

තරඟ කාරී භාවයක් තුළින් විශිෂ්ඨ භාවයක් ඇතිවෙනව.තරඟකාරීත්වය නිසා දුරකථන පණිඩිඩ වල මිල අඩු වුණා.මේක විදුලියට ද කරන්න පුළුවන්.මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් පාඩු ලැබුවට කමක් නැහැ කියන කථාව වැරදියි.ලංකා විදුලි බල මණ්ඩලය පාඩුවට ගෙනයන්න ඕනෙ නැහැ කියන ස්ථාවරයේ මම ඉන්නව.‍ රටේ ඇති වී ඇති ගැටළු වලට තිබුන හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕනෙ. හැබැයි රෑ වැටිච්ච වළේ දවල් වැටෙන්න ඕනෙ නැහැ.සෑම දේටම සමාජ සාධාරනත්වයක් තිබෙන්න ඕනෙ.

‍මෙම අවස්ථාවේ දී පාත් ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සිරිවර්ධන,විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනයේ දිලීප විතාරණ,මාස් හෝල්ඩින් ආයතනයේ විදුර රැළපනාව මහත්වරුන් ද අදහස් දැක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා