උපන් මවු බිම වෙනුවෙන් සෑම විටම පෙනී සිටිමු

උපන් මවු බිම වෙනුවෙන් සෑම විටම පෙනී සිටිමු

ජනපති ශ්‍රීලනිප නීතිඥ සංගම් හමුවේදී කියයි

අප සෑමවිටම උපන් මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් රටේ කීර්ති නාමය ආරක්ෂා කිරීම රටට ආදරය කරන සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

අප නියෝජනය කළ යුත්තේ ජාතියක්, ආගමක් හෝ පක්ෂයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙස මාතෘ භූමිය වෙනුවෙන් යුතුකම් ඉටුකළ යුතු බව පැවසීය. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නීතීඥ සංගමය සංවිධානය කර තිබු සුහද හමුවකට එක්වෙමිනි.

දශක තුනක් පුරා පැවති යුද්ධය අවසන් කිරීමෙන් පසු විශාල සංවර්ධන ක්‍රියාදාමයක් රටතුළ ක්‍රියාවට නංවා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ සුබ සිද්ධිය හා සංවර්ධනය වෙනුවෙන් ද විශාල වැඩකොටසක් ඉටුකරන කීවේය.

ජාතිවාදය සහ ආගම් වාදය පතුරවමින් දේශපාලන වශයෙන් රජයේ වැඩපිළිවෙල අස්ථාවර කිරීමේ උත්සාහයක් ද රට තුළ ක්‍රියාත්මක වන බව පැවසු ජනාධිපතිවරයා මෙම සිදුවීම් පිළිබඳ සියලු දෙනා අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා