සමුළුවට තිරවම එක් වෙනවා

සමුළුවට තිරවම එක් වෙනවා

ඕස්ට්‍රේලියා රජය කියයි

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව සඳහා ස්ථිර වශයෙන්ම සහභාගීවන බව ඕස්ට්‍රේලියානු රජය අවධාරණය කරයි. එම රාජ්‍ය නායක සමුළුව කිසිවිටෙකත් වර්ජනය නොකරන බවද ඒ සඳහා සෙසු සාමාජික රටවල්ද සහභාගී වන බැවින් එය වර්ජනය කිරීම ප්‍රතිඵලදායක කරුණක් නොවන බවද ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමැති බොබ් කාර් මහතා ප්‍රකාශ කරයි.

ලන්ඩනයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය කි‍්‍රයාකාරී කමිටුවට සහභාගි වූ ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු ඇමැතිවරයා ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති සේවයක් සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශකර ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට සහභාගී නොවන ලෙසට ඕස්ට්‍රේලියානු හිටපු අගමැතිවරයෙකු වන මැල්කොල්ම් ෆ්‍රෙසර් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව සඳහා සහභාගී නොවන ලෙසට ඕස්ට්‍රේලියානු රජයෙන් කර ඇති ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු ඇමැති බොබ් කාර් මහතා ප‍්‍රකාශකර ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලය ශ‍්‍රී ලංකාව වෙත බලපෑම් කළ යුත්තේ සංහිඳියා කි‍්‍රයාවලිය සාර්ථක කර ගැනීම සඳහා වන බවත් ශ‍්‍රී ලංකාව හුදෙකලා කිරීමෙන් එම ඉලක්කය සපුරා ගත නොහැකි බවත්ය.

එමෙන්ම කැනඩාව හැර පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 54 අතුරින් සෙසු කිසිඳු රටක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුව වර්ජනය කරන බවට ප‍්‍රකාශකර නොමැති බවද ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු ඇමැතිවරයා මෙහිදී පෙන්වාදී තිබේ.

ඊට අමතරව ලන්ඩනයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය කි‍්‍රයාකාරී කමිටු රැස්වීමේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත රාජ්‍ය නායක සමුළුව නොපැවැත්විය යුතු බවට කිසිවෙකු හෝ යෝජනාවක් ඉදිරිපත් නොකළ බවද ඒ මහතා ප්‍රකාශකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා