ගම්පහ අක්කර 20ක පුරන් කුඹුරු අස්වද්දයි

ගම්පහ අක්කර 20ක පුරන් කුඹුරු අස්වද්දයි

ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් ගම්පහ දිසාවේ පුරන්කුඹුරු අස්වැද්දීමේ 2013 වැඩසටහන යටතේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 20ක භූමි ප්‍රදේශයක පුරන් කුඹුරු අස්වැද්දවීමේ ව්‍යාපෘතියේ වැඩ මේවන විට අරඹා ඇත.

ප්‍රතිලාභීන් 62කු සඳහා වැයවන දළ ඇස්තමේන්තුව අනුව රුපියල් මිලියන 0.60 මේ සඳහා වෙන් කර ඇත.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 02ක් සඳහා දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 0.41ක්ද , වගා කිරීමට අපේක්ෂිත අක්කර ගණන 20ක් බවද ගම්පහ ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පී. ඇස් . බණ්ඩාර මහත්මිය හෙළි කළාය.

එයට අමතරව මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 10ක ප්‍රදේශයක , ප්‍රතිලාභීන් 130 දෙනෙකුගේ එක් ව්‍යාපෘතියක් සඳහා වැය කිරීමට අපේ්ක්ෂිත දළ ඇස්තමේන්තුව අනුව රුපියල් මිලියන 0.30ක්ද , දිවුලපිටියේ ව්‍යාපෘති 06ක් සඳහා අක්කර 42ක භූමියක පුරන් කුඹුරු වගා කිරීමට මේවන විට ඇස්තමේන්තු කරඇත.

දිවුලපිටියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 211කි. මහර ප්‍රාදේශීිය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 01ක් සඳහා වැය වන දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 0.60දෙනෙකි.

වගා කිරීමට අපේක්ෂිත අක්කර ප්‍රමාණය 06කි. ප්‍රතිලාභීන් 60කි. මේ අනුව ගම්පහ දිසාවේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ 2013 වැඩසටහන යටතේ ව්‍යාපෘති 11කි. දළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 3.00කි.

වගා කිරීමට අපේක්ෂිත අක්කර ගණන 98 කි. ප්‍රතිලාභීන් 523ක් බවද සහකාර කොමසාරිස්වරිය පැවැසුවාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා