බාලවයස්කාරියට අතවර කළ විවාහකයන් දෙදෙනකු අත්අඩංගුවට

බාලවයස්කාරියට අතවර කළ විවාහකයන් දෙදෙනකු අත්අඩංගුවට

මාකොළ ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියකට අතවර සිදුකළ බව කියන විවාහකයන් දෙදෙනකු සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් එක් අයකු මාකොළ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි එක් දරු පියෙකු වන අතර සෙසු තැනැත්තා දෙකටන ප්‍රදේශයේ 52 හැවිරිදි තිදරු පියෙකි.

එම දැරිය අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පියා සමඟ පෞද්ගලික බෙහෙත් ශාලාවකට පැමිණ ඇත. පසුව පියා දැරිය වෛද්‍යවරයාට පෙන්වීම සඳහා අංකයක් ලබා ගැනීමට බෙහෙත් ශාලාව ඇතුළට ගොස් තිබේ. ඒ අවස්ථාවේ දී අසලට කුඩා ලොරි රථයකින් පැමිණ සිටි එක් සැකකරුවකු විසින් එම දැරිය රවටා කිරිබත්ගොඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයකට රැගෙන ගොස් අතවර සිදුකර ඇතැයි කියති.

මේ පිළිබඳව සපුගස්කන්ද පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම තිදරු පියා අත්අඩංගුවට ගෙන එම දැරියගෙන් ප්‍රශ්න කිරීමේ දී එම දැරියට 2010 වසරේ දී අනෙක් සැකකරුගෙන් ද ලිංගික අපයෝජනයක් සිදු වී තිබෙන බවට අනාවරණය විය.ඉන්පසු ඔහු ද අත්අඩංගුවට ගැනිණි.

සැකකරුවන් දෙදෙනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා