මීගමුව සිවිල් ආරක්ෂක කමිටු දැනුවත් කරයි

මීගමුව සිවිල් ආරක්ෂක කමිටු දැනුවත් කරයි

තාප්පයට පමණක් කොටුවී සේවය කළ පොලිසිය එය අවසන් කර ජනතාව සොයා ගමට ගොස් සේවය කිරීමේ සංකල්පයක් අද පොලිස් දොර්තමේන්තුව ඇති කර ඇති බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා පැවැසීය.

මීගමුව කොට්ඨාසයේ රාජකාරි බාරගත් ලියනගේ මහතා පමුණුගම පොලිස් බල ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක සමාජික සමාජිකාවන් පළමුවරට හමුවී එසේ පැවැසීය. ඒ මහතා මෙසේ ද පැවැසීය.

රියැදුරාගේ වරදට වාහනයෙන් පළිගැනීම නතර කළ යුතුය. පොලිසිය මහජනතාවගේ හතුරෙක් නෙවෙයි. පොලිසිය ඔබගේ මිතුරකු ලෙස වටහාගෙන ඉදිරි කටයුතු කරන්න. ජනතාවගේ හදගැස්ම තේරුම්ගෙන කටයුතු කිරීමට අද පොලිසිය කටයුතු කරනවා. ආරක්ෂක කමිටු පසුගිය ත්‍රස්තවාදී කාලයේ දී දැක්වූ සහාය අප අගය කරනවා.

අද රටටම බරක් වී ඇති මත්පැන් මත්කුඩු ආදිය ද ජන ජීවිතයට වන තර්ජන පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්න ඔබ ඔත්තුකරුවන් නොවේ. පොලිසිය සමඟ ඔබගේ මිතුරුකම ඇති කරගෙන යහපත් ගමක් ඇති කිරීමට කටයුතු කරන්න.

මේ අවස්ථාවට සහකාර පොලිස් අධිකාරි අරුණ ප්‍රේමචන්ද්‍ර මහතා ද, උස්වැටකෙයියාව මීසමි පාලක ගරු අයිවන් පීටර්ස් පියතුමා, ග්‍රාමසේවා නිලධාරීන් සමඟ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා