ආසියානු සුපිරි රටවල් පහේ රගර් ජපානය-ද.කොරියාව ජය ගනිති

ආසියානු සුපිරි රටවල් පහේ රගර් ජපානය-ද.කොරියාව ජය ගනිති

හොං‍කොං පිලට එරෙහිව ලකුණු 38-0ක ජයක් අත්කර ගත් ජපානය මෙවර ආසියානු සුපිරි රටවල් පහේ තරගාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කළේය.

හොංකොං හී පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 14-0ක් ලෙස ඉදිරියෙන් පසුවූ ජපානයට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ අවස්ථාව ‍හොංකොං පිල විසින් අහිමි කරනු ලැබීම විශේෂත්වයකි.

මේ අතර දකුණු කොරියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර එමිරේට්ස් හී අල්අයින් නුවර පැවැති තරගයෙන් ලකුණු 75-10ක ජයක් දකුණු කොරියාවට හිමිවිය.

එමිරේට්ස් පිල පිට පිට ලැබූ දෙවැනි පරාජය ඔවුන්ට ලබන වස‍රේ සුපිරි රටවල් පහේ තරගාවලිය නියෝජනය කිරීම අවදානම් තත්ත්වයකට ඇද දමා තිබේ. කෙසේවෙතත් ලබන සතියේ පැවැත්වෙන තරගවටයෙන් පසු 2014වසරේ ආසියානු සුපිරි රටවල් පහේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදී ඉවත්වන කණ්ඩායම තීරණය කෙරෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා